නිදහසට කිට්ටු මේ කාලෙ ඒ කාලෙ හිටපු ජාතික වීරයො යුද්ධ කරපු කැරළි ගහපු හෙන වැඩකාරයො ගැන නිතර කියවෙන කාලයක්නෙ.
එහෙම කතා කරද්දි ඇත්තටම ඒ කාලෙ අයගෙ නම් කියද්දිත් නිකං ඇඟේ මවිල් කෙලිං වෙන සීන් එකක්නෙ තියෙන්නෙ. වීර පුරංඅප්පු.. හම්මා.. කොහොමද ගැම්ම. වීර කැප්පෙටිපොළ, ගොංගාලේ ගොඩ බණ්ඩා.. ආයෙ ඉතිං සුද්දන්ට නෙවෙයි අපිටත් චූ බර හැදෙනවනෙ ඒ නම් ඇහුවත්.
නිකමට හිතුනෙ. අඩේ අපේ දැන් නම් එහෙම කිසි ගැම්මක් නෑනෙ. හදිස්සියෙවත් මේ නම් තියෙන එවුන් ඒ කාලෙ ඔය සටන්, කැරලි, අරගල වල හිටියනං සුද්දො හිනාව නවත්තගන්න බැරුව ලෝකයෙන් යමු ආයෙ ඉපදෙමු සිංදුව කියාගෙන මුහුදට පැනලා මැරෙන්නෙ.
දැං බලපං.. මගෙ නමම ගත්තත්. වීර අසංක මිහිර.. මොන විලිලැජ්ජ නැති නමක්ද ඕයි ඒක.
නිකමට තමන්ගෙ නමට දාලා බලපල්ලා. මෙලෝ රහක් නෑ.
වීර රංජන් රාමනායක, වීර භාතිය ජයකොඩි, කන්ද උඩරට කුමාර සංගක්කාර, වීර චතුර අල්විස්, මැදමුලනේ රෝහිත රාජපක්ෂ (ඒකනං ලඟදිම ඉතිහාසගතවෙයි වගේ) කිව්වට ගැලපෙන්නෑ වගේම දැන් අලුතෙන් දාන උන්ගෙ නම් එක්ක මේවා දැම්මනං සුද්දො ඒ නම් කියන්න ගිහිං දිවට සමනලගැටේ වැටිලා මැරෙන්නෙ.
වීර ටෙනුක ඩුල්වින්, කුරුණෑගල ජිංතුක ටොමල්ජිත්, කොලොන්නාවේ තිසේන් දින්සර, වීර මෙහෙන්ස ලිත්සුක, ලෝක පූජිත කුමාර සංගක්කාරේ ඖචිත්‍ය කෙම්සර....
හිනාවෙන්නෙපා බං. ඉස්සරහට ඇමරිකන් කාරයන්ගෙන් අපේ රට බේරගත්ත එහෙම ජාතික වීරයොත් බිහිවෙයි. අන්න එදාට මේ නම් කටපාඩම් කරන්න ගියාම තමයි තනි ඇහැට ඇඬෙන්නෙ..