Menu

Tuesday, May 21, 2019

Dewani inima - දෙවනි ඉනිම


දෙවනි ඉනිම
5543 කොටස

ස්ථානය - ඇන්ටිගෙ බොඩිම (දැන් එය අනාථ නිවාසයකි)
දහවල්

අනුහස් - ආ බොල සහේලියෙ.. මොකදැ ඔය කොරන්නෙ
සහේලි - ඇයි.. 
සහේලි බංකුව මත සිට පාර දෙස බලා සිටී..
අනුහස් - නෑ මං නිකං මේ පැත්තෙ ඇවිත් යන්න ආවෙ. මටත් ඉතිං කොරන්න දෙයක් තියෙන එකක්යැ..
සහේලි - ආ.. අයියා ඉතිං අපි ගැන තාම හොයලා බලනවනෙ. ඇන්ටි නැති වුනායින් පස්සෙ මේක බලාගන්නත් කෙනෙක් නෑ නොවැ. අක්කත් ඔය ඇතුලෙ ඇති..
අනුහස් - අප්පද බොල. මේ අපේ ලිහිණියා.. 
සහේලි - වාත අමාරුවක් ඇවිත් දැන් පාඩං කරන්න බෑයි කියලනෙ ඔය මෙහෙ ආවෙ. දැන් ගේ අතුගානවා.
අනුහස් - අනේ ඇත්තමයි ඕකිනං හැදෙන්නෑ. ඕකි මට කැමති වුනානං අම්මපා මං ඒ දවස් වලම බඳිනවා..
සහේලි - කැමති වෙන්න දෙයක් නෑ අයියා එයා ඔයාට මැරීගෙන හිටියෙ..
අනුහස් - අම්මපා.. මේ කියනකං මං හාංකවිස්සියක් දන්නෑ නොවැ.. 
අනුහස් ලොඹු කටින් පැණි හිනාවක් දමා සහේලි දෙස මනමාල බැල්මක් දමයි. ඇය දමා සිටින තඩි බෝතල් අඩි කණ්නාඩි කුට්ටම අතින් අල්ලා ලැජ්ජාවෙන බිම බලා ගනී.
ඒත් සමඟම පරණ මතකයට හිත දිවයන අනුහස්ගෙ දෑස් කඳුලින් තෙත්වේ.

--------------------------------------------------

ස්ථානය - කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මල්පාර
දහවල්

දෙව්මි හැරමිටියෙන් වාරු ගෙන චීත්තය එක අතකින් අල්ලාගෙන හෙමින් හෙමින් ඉදිරියට එයි. 
පසුපසින් එන මෝටර් රථය ඇය පසුපසින් නවතයි. වෙන කිසිවෙක් නොවේ. කොන්දට අතක් තබාගෙන ඉතා අපහසුවෙන් ඉන් බැස එන්නේ අවන්තයි.

අවන්ත - ආ කුමාරි හාමි.. කොහෙදෑ මේ යන්නෙ..
දෙව්මි - ඇයි අහන්නෙ
අවන්ත - අප්පද බොල මේකිගෙ ගණං. ඔය තියෙන කෙස් ජුන්ඩත් යයි බොල ඔහොම කේන්ති ගත්තොත්..
දෙව්මි - ඉතිං.. කෙස් මගෙනෙ. බොට මොකෑ
අවන්ත - මම මේ අනාථ නිවාසෙ පැත්තට යන ගමන්. එනවනං එනව.. මං ගිහිං දාන්නං
දෙව්මි - එනවනං. ඇයි ඔයාට ඕන්නැද්ද??
අවන්ත - නෑ නෑ මටනං ඕන්නෑ. යනවනං යං. 
අවන්ත කොණ්ද අතගාමින් හෙමින් වාහනය දෙසට හැරේ..
දෙව්මි - ආ ආ මේ.. ඕන තමයි ඉතිං..
අවන්ත - එහෙනං නැගාං
දෙව්මි - අනෙ මේ. පොඩ්ඩක් මෙහෙට ගන්න මට ආපස්සට එන්න බෑ.
අවන්ත - අනෙ මේ.. බබා වෙන්නැතුව නැගාං නැත්තං නිකං හිටාං..
වාහනයට නැගි අවන්ත ඇය පාරේ දමා ඉගිල යයි.. දෙව්මි කඳුලු පිරි දෙනෙතින් ඉදිරියට ඇදෙයි..
(මගෙ සොඳුරු හැඟුම සඟවා සඟවා සිහින මවනවා.. ඔබ ගැනම නිතර සිතලා සිතලා දෙනෙත තෙමෙනවා...)
පසුබිමින් ඇසේ..

--------------------------------------------------

ස්ථානය - මරණින් මතු ඉපදෙන වෙනත් ලෝකයක / ක්‍රීඩා අංශය

කෝච් සර් - ආ අමීෂ.. මොකද මේ පැත්තෙ
අමීෂා - මම ආවෙ වැදගත් දේකට
කෝච් සර් - මොකද්ද අප්පේ ඒ
අමීෂා - ඒක මගෙ පුතා ගැන
කෝච් සර් - කියන්න. කරන්න පුලුවන් දෙයක්නං කරන්නං
අමීෂා - එයා කවදාහරි මෙහෙ ආවම එයාව විතරක් මේ ටීම් එකට ගන්න. අරූට කලිං මගෙ පුතා කොහොමත් මෙහෙ එනවා
කෝච් සර් - කවුද අරූ
මූට මෙච්චර කාලයක් කියලත් තාම දන්නෑනෙ අරූ කවුද කියලා. නාකි ලොන්තයා..
අමීෂා සිතින් සිතයි
අමීෂා - වෙන කවුද. අනුහසා..
කෝච් සර් - ඒක එදාට බලමු. අනික මම ගන්නෙ දක්ෂයො. ඇරත් අපි දන්නෑනෙ දෙන්නම මෙහෙට එයි කියලා. අපායෙත් ටීම් එකක් තියෙනවනෙ. අවන්ත එහෙ යන්නත් බැරිනෑ..
අමීෂා - ඒ කියන්නෙ කෝච් සර්ට බෑ. මං ආපු එකේ මගේ පුතා කොහොමත් මෙහෙ එනවා.. මම පෙන්නන්නංකො අරකිට මගෙ පුතාගෙ හැටි. අනේ ඇත්තට අර රවියා මං මෙහෙට එන්න කලිං මෙහෙනුත් චුත වුනානෙ. නැත්තං ඕකව මං අල්ලගන්න හිටියෙ.. මී හරකා..

---------------------------------------------------

ස්ථානය - මරණින් මතු ඉපදෙන වෙනත් ලෝකයක / නීති අංශය

නීල් සර් - අප්පේ මේ උදේනිනෙ. කොහොමද. මොකද මේ පැත්තෙ
උදේනි - හැමදාම සර් එනවනෙ. අද මං පොඩ්ඩක් සර්ව හම්බවෙන්න කියලා.
නීල් සර් - කියන්න කියන්න. මාත් මේ ඉස්සර වගේම වැඩ නැතුව ඉන්නෙ.
උදේනි - අනේ සර්. මගෙ පුතාට ප්‍රශ්ණයක් වෙයිද සර්.
නීල් සර් - උදේනි පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මම සේරම බලලා තියෙන්නෙ. අනුහස් මෙහෙට ආපු ගමන් අපි ඔෆිස් එකට යන්න ඕන. තව කල් ඇරලා බෑ. උන් බය වෙලා ඉන්නෙ.
උදේනි - ඒ උනාට මට බයයි නීල් සර්..
නීල් සර් - අයියෝ මොකට බය වෙනවද. හැබැයි ඔහොම උනොත් අනුහස් අවුල් යනවා. ඔයා එයාව පුලුවන්තරං ස්ට්‍රෝං තියන්න ඕන. නැත්තං අපි පරාදයි.
උදේනි - එත් අර අමීෂා. මෙහෙට වෙලා මොනා අටෝනවද දන්නෑ.
නීල් සර් - ඔහොම හිතුවොත්නං අපිට මෙහෙන් චුතවෙනකලුත් ඔය කම්පැනියට යන්න වෙන්නෙ නෑ.
උදේනි - ඒත් සර්.. හරි හරි සර් බලමුකො

මතු සම්බන්ධයි..

#justforfun #deweniinima #athal

Sunday, May 19, 2019

සියුම් ගිණි පුලිඟු හෙට මහා ලැව්ගිනි


මේක මේ ඊයෙ පෙරේදා ඇහුන එකක්.
ලියනවද නැද්ද කියලා හිත හිත ඉඳලා ඔන්න ඔහෙ ලියනවා කියලා හිතලා ලියලා දානවා.

අඳුරන ගෙදරක පුතෙක්ට (අවුරුදු 10ක් 12ක් ඇති) නෑයො එද්දි තෑගි ගෙනත්. පොර පට්ට හැපි එකේ ඒවයෙන් සෙල්ලම් කරලා කරලා කට්ටිය ගියාට පස්සෙ හවස ෂේප් එකේ ඉන්න වෙලාවෙ අම්මා අහලා..
කොහොමද පුතා සෙල්ලම් බඩු. ඉවරද සෙල්ලං කරලා" කියලා
මේකා කිව්වලු. "ඔව් ඔව් හොඳයි.. සෙල්ලංනං කලා.. ඒත් ඒවා අරන් තියෙන්නෙ මුස්ලිම් කඩේකින්" කියලා
පොඩ්ඩව ෂේප් කරන්න හිතං අම්මා කියලා
"ඉතිං මුස්ලිම් උනාට මොකද? එයාලත් අපි වගේ තමයි. හැමෝම එකයි" කියලා
පොඩි එකා "නෑ ඒත් මං බයේ හිටියෙ බෝම්බයක්වත්ද දන්නෑනෙ" කිව්වලු..

රටකට වෙමින් යන දේ ඇස් පනාපිට දකිනකොට ටිකක් අමාරුයි. ළමා මනසේ අද පත්තුවෙන සියුම් ගිණි පුලිඟු හෙට මහා ලැව්ගිනි බවට පත්වීමට නියමිතය. ටීවී රේඩියෝ පත්තර කටකතා, ජාති ආගම් මනුසත්කම් පාගා දමමින් වෛරය වපුරමින් සිටී. අපේම මිනිසුන්ගේ පතුරන දේ දෙස බලාසිටින දැන් පොඩි උන්ට ඒ ගැන මෙලෝ අදහසක් නැත. උන් කරන්නේ කියන්නේ වැඩිහිටි අපි  කරන කියන දේවල්ය. උන්ට ඇහෙන්නේ දකින්නේ අපි අහන පෙන්වන දේවල්ය. උන් විශ්වාස කරන්නේ උන්ගේ වැඩිහිටි පරම්පරාවය. 

පොඩි උන්ගේ ඔලු හදන්නේ අපිමය. හොඳට හෝ නරකට දෙකටම අපිමය. සිංහල සහරාන්ලා බිහි කිරීම සිදුවන්නේ අප අතින්මය. දැන හෝ නොදැන දැන් දැන් එය සිදවෙමින් පවතී..

බෞද්ධ යැයි කියාගන්නා, උදම් අනනා ඔබ ඒ ආගමේ ඉගැන්වීමට අනුව සිතුවහොත් ඊළඟ ආත්මයේ මුස්ලිම් මවකට දාව ඉපදීමෙන් සියල්ල කණපිට පෙරලෙනු ඇත. එවිට ඔබට අලවන ලේබල මත්තේ නැසීමට ඔබටත් සිදුවනු ඇත. කිසිවක් ඔබට තීරණය කළ නොහැක. 

වැරදි වලින් මිනිසුන් ඈත් කිරීමට, ජීවිතයේ අවසාන අරමුණක් ඇති කිරීමට මෙන්ම මරණින් මතු ජීවිතය ගැන බියක් ඇති කොට මිනිසුන් යහපත් කිරීමේ අරමුණින් ආගම් බිහි වූ බවත් ඒවාට ඒ ඒ කාල වලදී ඒ ඒ පුද්ගලයින් වෙන වෙන නම් දමා ගත්තායැයි සිතීම අපහසුනම් දැන් ඒවා සිදුකරමින් සිටින්නේ බලයට පොරකන දේශපාලුවන්ට කඩේ යාම බවවත් තේරුම් ගන්න.

අද ඔබ අසල සිටින සමනලයෙකුගේ පියාපත් පහරින් ඊට සැතපුම් දහස්ගාණක් දුරින් මහා සුළි කුණාටුවක් ඇති වීමට හැකි බවට තියරියක් ඇත. සුළි කුණාටු කෙසේ වෙතත් මේ වෙමින් යන මොළ ශෝධනයේ අනාගත සංහාරයන්ගෙන් ඔබ, ඔබගේ දරුවා මෙන්ම දරුවන්ගේත් දරුවන්ද විඳවීමට නියමිත බව සිහිතබා ගන්න.

Thursday, May 16, 2019

Fake girls



උස වැඩි කරලා පෙන්නන්න හයි හිල්ස්
මවිල් නැති කරලා දාන්න වීට්
පස්ස ලොකු කරලා පෙන්නන්න ෆේක් බැක්ස්
බඩ අඩු කරන්න ටමී ටී
පපුව හැඩ කරලා පේන්න පුෂ් අප්ස්
බෙල්ල හැඩට පේන්න ගොල්ඩ් නෙක්ලස්
අත් හැඩට පේන්න වළලු අනංමනං
ඇඟිලි ලස්සන කරන්න නේල් පොලිෂ්
තොල් පාට කරන්න ලිප්ස්ටික්ස්
ඇස් හැඩ කරන්න මස්කාරා
ඇහි බැම අඳින්න අයිබ්‍රෝ පෙන්සිල්
ඇඟ පුරා ගාන්න ලෝකෙ නැති ක්‍රීම්
ගඳ නැති කරන්න පර්ෆියුම්
මූනම වෙනස් කරන්න මේකප්
කන් දිලිසවන්න ඉයරින්ග්ස්
කොණ්ඩෙට ෆර්ම් ස්ට්‍රේට් රිලැක්සිං
බලාගෙන යද්දි....
කෙල්ලො කියන්නෙ තනිකරම ෆේක් ප්‍රඩක්ට් එකක්..
නැද්ද හා..