Menu

Thursday, October 15, 2020

පරණ හිංදි ආතල්..



මේ ලඟදි ඉඳං මං යූ ටියුබ් එකේ මෙන්න මේ පරණ සිංදු අහන්න ගත්තා. ඒවා තාමත් රහයි. ඇත්තටම අහං ඉන්න ආසයි. ඒ කාලෙට ඒ මතකෙට යනව විතරක් නෙවෙයි හරිම අමුතු හැඟීමක් එක්ක ඒ ෆිල්ම් වල සිද්දි පවා මතක් වෙනව. ඒක මරු. 

මේ කියන්නෙ ඒ සිංදු ගැන නෙවෙයි ඒ සිංදු වල විෂුවල් මතකද. හිනා කාලා මැරෙනව. සාජන්, දිල් වලින් පටන් අරන් රිතික්ලගෙ කාලෙ පටන්ගන්නකල්ම තිබුනු සිංදු වල උං නටන විදි දැක්කම "හත්තිලව්වේ අරූට මක්වෙලාද" හිතෙනව.

සමහර ඒවයෙ තියෙන ස්ටෙප්ස් ඇත්තටම හදපු උං හොයං ගිහිං මොන මඟුලක්ද බං අරූට අර කරන්න දුන්නෙ කියල අහන්න හිතෙනව. සමහර ඒවයෙ ෂාරුක් උඩටයි යටටයි හුලං ගහනව. තව සමහර ඒවයෙ සල්මන් රබර් වතු දිගෙ මුනිං අතට බඩගගෙන සුපර් මෑන් වගේ එනව. ගස්වල එල්ලිලා ඔලුව පහලට දාං මොකක්ද එකක් කරනව. බෙලි දික් කර කර, අතපය කොර කරගෙන දාන සමහර ඩාන්ස් වලට සිංදුවත් අමතක වෙනව.

සමහර සිංදු වල සල්මන් කරන දේවල් දැක්කම හිතාගන්න බෑ මූ කවද මානසික රෝහලකින් පැන්න එකෙක්ද කියල. දැනුත් කියල උගෙ ඩාන්ස් වල මහලොකු වර්ධනයක් වෙලා නෑ තමයි. ඒත් අරවයෙ මේ යකා නටන්න හෙන ට්‍රයි එකක් දෙනව. ඒනිසාද මංද අමරදේවගෙ සිංදුවක් නිහාල් නෙල්සන් කියනව වගේ වෙලා තියෙන්නෙ. බැරිනං නිකං ඉන්න එපැයි. ඒ තරං අප්පිරියයි.

අක්ෂේ ගත්තොත් මාෂල් ආට් ඉගෙනගෙන ඒ ඉන්ඩස්ට්‍රි එකේ වෙනම විදියක නමක් හදාගත්ත නලුවෙක්නෙ. හැබැයි වැඩේ තියෙන්නෙ ඌ නටන්නෙත් ගහගන්නව වගේ. අපිට කෑගැස්සෙනව. දැන් ගෑණිට පාරක් වැදිල විසිවෙයි කියල හිතෙනව අතපය උස්සද්දි. අපිටත් බය හිතෙනව බලං ඉද්දි.

අමීර් වුනත් දැන් මේ ජෙන්ට වගේ හිටියට. ඒකාලෙ පත ෂර්ට් එකක් ඇඳන් බඩ උඩිං කලිසම ඇඳගෙන නටනව කියල එකක් කරනව දැක්කම අපිට ඇඬෙනව. 

අමීර්ගෙ විතරක් නෙවෙයි හැමඑකාම එකයි. යකෝ ඒ ඇඳුං. ආයි කිසි හිරිකිතයක් නැතුව කෙල්ලවත් ඒ අස්සට බැස්සුවෑකි ඇඟේ ගෑවෙන්නැතිවෙන්න. ඒ තරං සයිස්. කෙල්ලංගෙ ස්ටෙප්ස් ගැන කතා කරන්නම දෙයක් නෑ. දේකාහේ පෙහෙලේ බාර් එකේ එහෙම මධුරිට දීලා තියෙනව ඉල ඇදෙන ෂේක් ටිකක්. බලං ඉද්දි අපේ ඉල ඇදෙනව හිනාවෙලා. කරිෂ්මා, ජුහී, රවීනාල කියල කිසි වෙනසක් නෑ නටනව ආයි නැටිල්ලක් පණ එපා කියල.

නලුවන්ගෙන් වුනත් සායිෆ්, සංජේ, නානා පටේකාර්, අනිල් කපූර්, ගෝවින්දා, අජේ වගේ හැම එකෙක්ම අපරාදෙ කියන්න බෑ පුදුම දක්ෂ විදියට නටල තියෙනව දැන් දැක්කම ටිවී පොලොවෙ ගහන්න හිතෙන්න. මට තියෙන ප්‍රශ්ණෙ අපි ඒ කාලෙ මේව කොහොම දරාගෙන බැලුවද කියල. දැන්නෙ ඒවගෙ කැත පේන්නෙ. අනේ මංදා. අපිත් එච්චර ගොංවෙලා හිටියද කියල හිතෙනව. 

ඔය ස්ක්‍රීන් ෂොට් දාලා තියෙන්නෙ එහෙම සිංදු කීපයක සුපිරි ස්ටෙප්ස්. ලඟපාතක කවුරුවත් නැති වෙලාවක ඔය දාලා තියෙන නම්ටික නිකමට යූ ටියුබ් search කරල බලන්න. පට්ට.. ඇත්තටම ඒ සිංදු වල නියම ආතල් එක ගන්න ඕනනං ඒ වීඩියෝ එක්ක ඒ සිංදු අහන්නෙපා. සිංදුව අමතකම කරල වීඩියෝ එක බලන්න. ඒක වෙනම ආතල් එකක්.

#hindi #ආතල් #oldhits #පව්බං #songs #dance