සුරංගනා කතාවල දේවල් ඇත්තටම වුනොත්..
දවසක් මං අසරණ වෙලා බඩගින්නෙ කැලේ මැද්දෙන් යද්දි සුරංගනාවියක් ඇවිත් සිතූ පැතූ වෙලාවට කැඳ හැදෙන කලයක් මට දෙනව. මං ඒක අරන් ගෙදර යනව..
අම්ම - මේක කොහෙන්ද හොරකං කලේ.. කියපං..
මම - අනේ අම්මෙ මේක මට සුරංගනාවියක් දුන්නෙ..
අම්ම - අනෙ පලයං යන්න.. තෝ හිතුවද මං මේ මී හරකෙක් කියල.. මගෙං මැරුං නොකා ඕක හොරකං කරපු එකාට ගිහිං දීපං..
මම - අනේ නෑ අම්මෙ.. මේක අපි හිතපු ගමන කැඳ දෙනව. බලන්නකො..
අම්ම - කැඳ.. තෝ ආවද මෙතන මාව රවට්ටන්න.. හිතපු හිතපු වෙලාවට කැඳ දෙන්න උඹ හිතුවද මේක බොගෙ අප්පුච්ච කියල.. මං ආයි උඹට කියන්නෑ.. කරුණාකරල මේ මඟුල් කලේ අරං ගිහිං තිබ්බ තැනකින් තියල වරෙං..
මම - අනේ... අම්මෙ.. ගහන්නෙපා.. ආව්.. මේ යනෝ.. ආහ්.. එපා.. යනෝ..
***************************************
දුප්පත්කම නිසාම ගෙදර හිටපු එකම එළදෙනව විකුණන්න ගිහිං බෝංචි ඇට දෙකක් අරගෙන ගෙදර ගියාම..
තාත්තා - ඈ බොල ගොං වස්සො.. ගෙදර හරියටම හිටපු එකම එළදෙන දුන්නම මං තොපිට කිරි දෙන්නෙ තොගෙ... මං කියන්නෑ.. ඔය ඇට දෙක අරගෙන ගිහිං තෝ ගහගනිං තොගෙ.. අනේ අම්මප ළමෙක් කියල එකෙක් හැදුව ඊට වඩා හොඳයි බලු පැටියෙක් හැදුවනං. අඩුම තරමෙ නැට්ට හරි වනනව. දැං තොගෙ ඔය ඇට දෙක තම්බල කන්න දීපං ගෙදර උන්ට.. අනේ ඇත්තට බං. තොට මොළේ කළඳක් නැද්ද බං.. දැං ඉතිං හිටපල්ල බඩගින්නෙ.. සිංපංචි ගොනා..
***************************************
රෙදි ටික හෝදන්න බෝඩිමේ ලිඳ ලඟට ගියාම එතන ඉන්න ගෙම්බෙක් දැකල උගෙ ඉල්ලීමට කිස් කරල කුමාරියක් වෙලා බෝඩිමට එක්ක ආවම..
බෝඩිමේ ඇන්ටි - මේ කවුද. තමුසෙලගෙ අම්ම මාව විස්වාස කරල මෙහෙ නැවැත්තුවෙ මේ මඟුල් නටන්නද. අනික මේකෙ ඉන්න හිටින්න තැනක් තියෙනවද. දැන් තමුසෙ ඔය ගෑණිවත් මේ කාමරේ තියාගෙන ඉන්නද හිතුවෙ. මේක අම්බලමක් කියල හිතුවද. මං දැං මේකිටත් උයන්නෝන. අම්මල අඳුරන නිසා සොච්චමක් අරගෙන ඉන්න දුන්නම තව උං එක්කගෙන මේක අස්සෙ ලැගල මාවත් නැති කරන්නද හදන්නෙ. මෙතන ගෑණු ගන්නෑ කියල දන්නැද්ද. බලපංකො මේකිගෙ ඇඳුං.. ඉන්නව නිකං කුමාරි වගේ.. කරුණාකරල එක්ක පලයං. නැත්තං මං දැන්ම අම්මලට කෝල් කරල කියනව පුතාගෙ වරුණාව.. මං ආයි නොකිව්වයි කියන්නෙපා..
***************************************
ඔන්න දවසක යාලුවොත් එක්ක බීච් එක පැත්තෙ ගිහිං ඉද්දි එකපාරම දියකිඳුරියක් හම්බවෙනව. අත ඇල්ලුව විතරයි කුමාරියක් වෙලා කරපු උදව්වට ගෙදර එක්ක යන්න කියනව. ගෙදර ගියාම..
අම්ම - ඒ පාර මොකාද මේ ගෙදර එක්ක ආපු තේ උඩිච්චි. බලපං කොණ්ඩෙ පීරල නෑ මාස ගාණකිං. ඇඟිලි බලපං. චිඃ විතරක්. කකුල් අත පය සේරම කොරපොතු ගැහිල. නෙදකිං..
මම - අනේ නෑ අම්..
අම්ම - ඥෑ ඥෑ නෙවෙයි.. ඉඳල ඉඳල ගෙනාවා එකියක්. දැං මොකද මේ හදිස්සියක්. තෝ කන්න බොන්න දෙනවද මේකිට. අඩුම ගානෙ තේකක්වත් හදාගන්න පුලුවන්ද. උඹට හරියමං ආදායමක් තියෙනවද දැං පවුල් කන්න. කෝ දැං මුන්දැගෙ අම්ම තාත්ත.. යකෝ දෙයක් කරන විදියක් තියෙනවනෙ. චාරිත්‍රයක් දන්නැත්ද තොපිල. දැං මේ ගමේ එවුං හදයි යස කතාවක්.. අනේ අම්මප මාත් හැදුවනෙ ගොනෙක්.. එක්ක පලයං මේකිව. ආයි හිටපු දිහාවටම දාලා වරෙං.. පලයං ඉතිං කිව්වම..
***************************************
දවසක් වතුර ගේන්න ගඟ ලඟට යනව. වතුර ගන්න ගඟේ ගලක් උඩ ඉඳන් නැමෙන කොටම මෙන්න බොලේ කොළයක් උඩ පාවෙලා එන ළමයෙක් එනව. කරන්න දෙයක් නෑනෙ. මං ළමයව අරගෙන ගෙදර යනව. ගෙදර ගියාට පස්සෙ..
වයිෆ් - ආ.. මේ මොකද..
මම - මං මේ ගඟ ලඟට යද්දි මේ ළමය ගඟේ පාවෙලා ආවනෙ..
වයිෆ් - මොකක්.. තමුසෙ හිතුවද මට අමු කැවිල කියල.. කාගෙද මේ ළමය.. ආ..
මම - මේ ළමය කාගෙද දන්නෑ ඒයි.. මේ පව් නිසා මං ගෙනාවෙ..
වයිෆ් - තමුසෙට පිස්සුද ඕයි.. කොහෙවත් යන ළමයි ගෙදරට ගේන්න. මගෙ යකා අවුස්සන්නැතුව කියනව කාගෙද මේ ළමය.. කවුද මේකගෙ අම්ම.. ආ.. සචිනිගෙද. ඉරේෂගෙද.. ආ.. කියනව ඉතිං... බලපං ඒ මූණමයි. මං හිතුව ඕකි මේ මනුස්සයව ගොනාට අන්දගෙන ළමයෙක් දීල තමයි පස්ස බලන්නෙ කියල.
අනේ ඇත්තට තමුසෙට ලැජ්ජාවක් කියල එකක් ගෑවිලාවත් නෑනෙ.. මං යනව අම්මලගෙ ගෙදර.. තමුසෙ ආයි මගෙ දෑහැට පේන්න එන්න එපා.. හෙනගහනව ඕයි තමුසෙට.. මට මේ කරපු අපරාදෙට..
No comments:
Post a Comment