Menu

Monday, September 23, 2019

Drama : Koombiyo II (Take 02)


Drama : Koombiyo II (Take 02)
Location : Garage
Date : 03-09-2019
Time : 07.36 pm

"අමාවකට අත වනනා පිච්ච මලී..
ලමැද නුඹේ කිරි පුසුඹින් සිත කැලඹී..
පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ..
පිච්ච මලට පැණි ඉහුණද සංකාවේ.."

ප්‍රියන්ත : අන්න අන්න අයියෙ අර සිංදුව යනවා. මං අවුරැදු ගාණකට කලිනුත් මේක ඇහුවා. මටනං පිස්සු වගේ. බොන තැනක මොනාහරි ඉහිරිච්ච එකක කතාවක් නං තේරෙනවා. ඇත්තටම මොකද්ද අයියෙ මෙකෙ තේරැම??

ජෙහාන් : ආ මේකද. ඕක ඔහොම උඩින් කිව්වට මාර තේරැමක් තියෙන්නෙ බං.
මෙහෙම හිතපංකො. දැන් උඹෙයි සුදු නංගිගෙයි සම්බන්දෙට අවුරැදු කීයක් විතර වෙනවද..?
ප්‍රි : අවුරැදු 10ක් 12ක් වෙනවා.

ජෙ : හරි දැන් හිතපං උඹලා දෙන්නා බැඳලා එක ගෙදරක පදිංචි වෙලා කාලයක් ගිහින් ළමෙකුත් හම්බෙලා සංතෝසෙන් ඉන්නවා කියලා.
ප්‍රි : අනේ මන්දා අයියෙ. ඉතිං කියන්නකො.

ජෙ : ඔහොම ඉද්දි හදිස්සියෙ උඹ හිතපං උඹට හෙන ලෙඩක් හැදිලා ඇඟේ හැම දෙයක්ම චෙක් කරගන්න වෙනවා.
ප්‍රි : ඒ මොන හෙනගහන කතාවක්ද අයියෙ.. තූ: විතරක්

ජෙ : වෙනවට නෙවෙයි නිකමට හිතපංකො
ප්‍රි : හරි ඉතිං
ජෙ : එහෙම වෙලා උඹේ හැමදේම චෙක් කරගෙන යද්දි ඩොක්ට කියනවා උඹට මේ තියෙන තත්ව අනුව කවදාවත්ම දරැවෙක් හැදෙන්න විදියක් නෑ කියලා. තේරැණාද..?
ප්‍රි : ඒතකොට අර ඉන්නවයි කියපු ලමයා. ඒකා කාගෙද?
ජෙ : අන්න ඒක තමා ප්‍රශ්නෙ.. අන්න උගෙ තාත්තා තමා මේක කියන්නෙ.

ප්‍රි : ඒ මොන අපබ්‍රංශ කතාවක්ද අයියෙ. මොන කුනුහරැප කියනවද මංදා.
ජෙ : ඔන්න ඕකනෙ බං. උඹනං මහ ගොනෙක්. එහෙනං මෙහෙම හිතපං. උඹ යනවා යාල කැලේ. හිතපංකො තනියම කියලා. ඔහොම යද්දි උඹට කැලේ මැද්දෙනුත් ටිකක් තනියම යන්න වෙනවා. අතේ තියෙන්නෙ ටිකක් දිග පොල්ලක් විතරයි කියලා හිතපංකො. 
ප්‍රි : හම්..

ජෙ : මෙහෙම යද්දි එකපාරටම උඹ ඉස්සරහට එනවා කොටියෙක්. උඹට වඩා ටිකක් ඈතින් ඉන්නෙ උඹට කරගන්න දෙයක් නැතිවෙනවා. බය වෙච්ච පාර උඹ අර අතේ තිබ්බ පොල්ල තුවක්කුවක් වගේ ඉස්සරහට කරලා ඌව බය කරන්න හදනවා. පස්සෙ උඹ නිකමට වගේ කොකා ගස්සනවා වගේ රඟපාලා කටින් පොඩි වෙඩි සද්දයක් දානවා. මෙන්න යකෝ කොටියා මැරිලා වැටෙනවා. දැන් කියපං බලන්න මොකක් වෙන්න ඇත්ද කියලා??
ප්‍රි : වෙන කවුරැහරි එකෙක් ඌට වෙඩි තියන්න ඇති.

ජෙ : අන්න උඹට තේරැනා. අර උඹෙයි සුදු නංගිගෙයි කතාවෙ පැත්තක ඉඳන් වෙඩි තියපු එකා තමා මේ සිංදුවෙන් පිච්ච පතට පැණි ඉහුණද සංකාවේ කියලා සුදු නංගිගෙන් අහන්නෙ.

ප්‍රි : අම්මප අයියෙ මට නිකමටවත් හිතුනෙ නෑනෙ මේකෙ මෙහෙම මඟුලක් කියනවා කියලා. 
ජෙ : ඒකනෙ බං.

ප්‍රි : එතකොට අයියෙ එපා විසි කරනු ගිංදර මගෙ පැල් පතට කියන්නෙ ඌ ඉන්නෙ පැල්පතකද? මගෙ සුදු නංගිනං මම තියන්නෙ රාජ කුමාරියක් වගේ. ඔය දුප්පත් එවුන් දිහා හැරිලාවත් බලන එකක් නෑ.
ජෙ : අනේ ගොනො, ඒ කෑල්ලෙන්ද. ඒකෙන් කියන්නෙ උඹල වගේ ගොබ්බ හරක් ඉන්නවනෙ ගෑනුන්ට යාන වාහන ගෙවල් දොරවල් දුන්නම සේරම හරි කියල හිතන. අන්න උන්ට වටේ පිටේ වෙඩි සද්ද ගැන කල්පනාවෙන් ඉන්න කියලා කියන්නෙ.
ප්‍රි : ඈ...

-- මතුසම්බන්ධයි....

No comments:

Post a Comment