Menu

Friday, September 27, 2019

ඇයි අපි මේ ලියන්නෙ..?? (Writing)


මේ බ්ලොග් වල fb එකේ අරෙහෙ මෙහෙ ලියන එක සමහරුන්ට ඇත්තටම ප්‍රශ්ණයක්. උන් කියන්නෙම උඹල ෆේමස් වෙන්න දඟලනව, පොරක් වෙන්න හදනවා වගේ දේවල්.

ඉස්සරවෙලාම බැලුවොත් ලියලා පොරක් වෙන්නෙ කොහොමද කියලා. ලියලා එහෙම පොරවල් වෙච්ච අය ඉන්නවද? ඔව්. ඉන්නවා. මාටින් වික්‍රමසිංහ, සයිමන් නවගත්තේගම වගේ ඕනතරම් පොරවල් ඉන්නවා ලියලම නම හදාගත්තු. එතකොට ඒක වැරදිද? ඒඅයටත් මුලදි මෙහෙම ටෝක්ස් දීපු අය ඇති. පස්සෙ කාලෙක ඒ ටෝක්ස් දීපු අයම ඇවිත් අර පොත් කියවලා හෙන විග්‍රහයන් කරන්නත් ඇති.

ඒ ඇත්තටම පොරවල් වෙච්ච අය ගැනනෙ. අපි ලියන්නෙ ඇයි.? ආසාවට. ආතල් එකට. එහෙමත් නැත්තං පෞද්ගලික කැමැත්තට. (සමහරු පොරක් වෙන්න හිතාගෙනත් ලියනවා ඇති) මං හිතන්නෙ බහුතරයක් ලියන්නෙ තමන්ගෙ ආතල් එක ගන්න. 

මේකත් හරියට රහට කෑමක් උයලා කන්න දීලා ඒකෙ ගුණ අගුණ කියන එක දිහා බලලා සතුටු වෙනවා වගේ වැඩක්. මේවා කියවලා දාන කමෙන්ට් වලින් පොඩි හීනි ආතල් එකක් මේ ලියන උන් වගේම මාත් ගන්නවා. එක තමයි මේකෙ ගතිය.
බනින උන් බනිනවා හොඳ කියන උන් හොඳ කියනවා මොනා කිව්වත් මුන් මේක කියවලානෙ කියන පට්ට ෆීලින් එකම ඇති තව එකක් ලියන්න.

බනින උන්ට කියන්න ඉස්සර අහපු කතාවක් තියෙනවා. මේක Zen කතාවක් වගේ තමා මතක.

පොරක් ගඟක් ගාව ඉද්දි දකිනවා ගඟ දිගේ පහළට ගෝනුස්සෙක් ගහගෙන එනවා. ඌ සැඩ පහරට අහුවෙලා එද්දි අර මනුස්සයා ගාවදි ඉවුරෙන් පාත්වෙලා තිබුනු කොල අත්තක දැවටුනාලු. ඒත් ඌට වතුර පාරෙ සැරකම හිංදා උඩට එන්න බෑ.

මේක දැකපු අර මනුස්සයා නැඟිටලා ඇවිත් අත අර ගෝනුස්සට කිට්ටු කලාලු. බය වෙච්ච ගෝනුස්සා අරූගෙ අතට දශ්ඨ කාලාලු. ඒ වේදනාව කාගෙනම අරූ ආයෙ ආයෙත් ට්‍රයි කරනවලු මේකව අතට අරන ගොඩින් තියන්න. හැමපාරම අරූ දෂ්ඨ කරනවලු. මූත් වැඩේ අතාරින්නෙම නෑ.

ඔය අතරෙ ඔතනින් යන මිනිහෙක් මේක දැකලා..
ඒයි මෝඩ මිනිහෝ.. මොකක්ද ඔය කරන්නෙ. මැරෙන්නද හදන්නෙ. පේන්නැද්ද ඕකා ගෝනුස්සෙක්. ඔච්චර කාලත් ඔය වැඩේ නතර කරන්නැත්තෙ තමුසෙට පිස්සුද?? ඇහුවලු.

ඒ මිනිහා ආයෙත් අත දික් කරන ගමන් මෙහෙම කිව්වලු.
මම දන්නවා බං. මේ මේ සතාගෙ හැටි. ඌ උගෙ ස්වභාවික නොමැරී ඉන්න උට උරුම වෙච්ච දේ වෙච්ච දෂ්ඨ කර කර නොමැරි ඉන්න හදනවා.
ඒත් මේ මගේ හැටි. මං මොකටද මූ හිංදා මගේ ජීවිතයක් බේරගන්න අදහස අත්ඇරගන්නෙ..
කිව්වලු.

මටත් කියන්න තියෙන්නෙ මෙච්චරයි. බනින උන් බැන්නට මේ අපේ හැටි. ඒක මේ අමුතුවෙන් හදාගත්ත මවාගත්ත ඇතිකරගත්ත එකක් නෙවෙයි. ගංජා ගහලවත් අරක්කු බීලවත් වෙන මොකක්හරි මත්ද්‍රව්‍යයක් ගහලා හරි ලියනවා කියලා හිතනවනං ඒක ඒ අයගෙ මතය. ඒත් මේ අදහස් නැචුරලිම එන්නත් බැරි නෑ. රැඩිකල්ද ට්‍රැඩිෂනල්ද අදාලත් නෑ. එහෙම බැලුවොත් ලෝකෙ දැනට මං අහල තියෙන රැඩිකල්ම ඩයල් එක බුදුහාමුදුරුවො. රැඩිකල් නොවුනානං මේ දර්ශණය අද නෑ. වෙන කෙනෙක්ගෙ විදිය දරාගන්න බැරුව මගේ විදිය වෙනස් කරන්න යන්නැතුව තමන් තමන් විදියටම ඉස්සරහට යන එක තමයි මට අනුව ජීවිතය කියන්නෙ.

බනින උන් බනියි. යන උන් යයි. ඉන්න උන් ඉඳියි.

Tuesday, September 24, 2019

Drama : Koombiyo II (Take 03)


Drama : Koombiyo II (Take 03)
Location : Garage 
Time : 6.11pm

ජෙහාන් : ප්‍රියන්ත ඉක්මනට ඇඳුමක් දා ගනිං පොඩි ගමනක් යන්න
ප්‍රියන්ත : කොහෙ යන්නද අයියෙ
ජෙ : පණ්ඩිත කං කියවන්නෙ නැතුව ඇඳුමක් දා ගනිංකෝ..

Location : Shangri La Hotel
Time : 7.30pm

ප්‍රි : කලිං කියන්න එපැයි අයියෙ අපි පාටියකට යන්නෙ කියලා. කිව්වනං පිලිවෙලට ඇඳං එනවනේ.
ජෙ : අනෙ මේ මගෙන් අහගන්නැතුව හිටපං උඹෙ පිලිවෙල. මොකට ගියත් ඉතිං උඹට ඕකනෙ අඳින්න තියෙන්නෙ.
ප්‍රි : එහෙම කියන්න එපා අයියෙ. බලන්නකො මේ අනිත් අයගෙ ලස්සන...
ජෙ : අනෙ මේ.. මුංගෙ විදියට ඇන්දොත් උඹට අමුඩයක් තමයි අඳින්න වෙන්නෙ.. ටිකක් ඉඳල බලපංකො..

ප්‍රි : අයියෙ.. මෙයා මොනවා කරන කෙනෙක්ද? බලන්නකො තියෙන තේජස..
ජෙ : තේජස.. හ: හරියටම කිව්වොත් මෙයාගෙ ජොබ් එක තමයි අන්දන එක.
ප්‍රි : ඒ කිව්වෙ..??
ජෙ : ඒ කිව්වෙ බං. මුට පුලුවං මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. වැඩිපුරම ගෑණුංව. කොටින්ම කිව්වොත් මුට පුලුවං අවුරැදු ගාණක් ආශ්‍රය කරලා බඳින්න යන ගෑණිව, වෙඩින් එක දවසට, මිනිහටවත් අඳුර ගන්න බැරිවෙන්න වෙනස් කරන්න.
ප්‍රි : ඒක මහ බොරැවක්නෙ අයියෙ..
ජෙ : පිස්සුද බං. මුං ඒ බොරැවට කැමතියි. දැන් ඉටි රෑප වගේ හිටියට, බැරිවෙලාවත් වැස්සකටවත් අහුවෙච්ච වෙලාවක මූණ දැක්කොත් උනුත් උන්ට බය වෙනවා.

ප්‍රි : ඇත්තමයි අයියෙ.. මෙච්චර වියදමක් කරපු එකේ අනාථ නිවාසෙකට කෑම වේලක් දුන්නනං කොච්චර වටිනවද අයියෙ. හෙන ගහනවනෙ මේ වගේ විකාර වියදං වැඩ වලට. රටේම ඉන්න විලිසංගයක්නැති ගෑණු ටික ගෙන්නලා.. බලං ඉන්න අප්පිරියයිනෙ අප්පා..
ජෙ : උඹල වගේ ගොඩයන්ට මේව තෙරෙන්නෙ නෑ බං. මුං මේව කලාට අර වගේ පිං අතේ වැඩත් කරනවද කියලා කවුද දන්නෙ. සල්ලි උගේ නං, පාර්ටියත් උගේ නං, ලැබෙන දෙයක් ලැබෙන්නෙ උටනං, දෙන දෙයක් කාලා වෙනදෙයක් බලං ඉඳලා යමං බං යන්න. අපි උණත් අපේ උපන් දිනේට අපේ ගාණට පොඩි පාටියක් දානවනෙ බං. මේක ඉතිං මුගෙ ගාණ වෙන්නැති.

ප්‍රි : අර අර කවුද අයියෙ කිරි පණුවෙක් වගේ බිම වැටි වැටි ඇඹරෙන්නෙ.
ජෙ : අන්න ඒකෙනං බං පොඩි අවුලක් තියෙනවා. අර බං අපේ පංති වල හිටිය මතකද සර්ල ඉස්සරහ කැපිල පේන්න ඕන ජරා වැඩක් කරන එවුන්. මේකත් ඒකෙම ටිකක් අවුල් වර්ෂන් එකක්. පොඩි කාලෙ මුහුණ දීලා තියෙන දේවල් එක්ක ආපු ගතියක් ඕක. මට උන් ගැන දුකයි බං. උඹට දරාගන්න අමාරැනං අහක බලා ගනිංකො. 

ප්‍රි : දැන් අයියෙ මේ එක එක තරඟ තියලා තෑගි දීලා මොනාද මේ මනුස්සයා බලාපොරොත්තු වෙන්නෙ.
ජෙ : ඒකට කියන්නෙ බං මාකටිං කියලා..
ප්‍රි : අපේ ගමේ නං මේකට කියන්නෙ අතිං කාල හරක් බලනවා කියලා.
ජෙ : අනෙ මේ ප්‍රියන්ත.. උඹ අඩුම ගානෙ පිලිප් කොට්ලර්ව දන්නවද කියපං..
ප්‍රි : පිලිප් කොතලාවල දන්නැත්තෙ මොකද මං. අනේ නිකං යන්න අයියෙ යන්න. අපිත් මේ ගමේ උනාට යමක් කමක් දන්නව හරිද. 
ජෙ : කොතලාවල.. අනේ උඹයි මායි දන්න මාකටිං. වරෙන් යන්න කන්න..
-
--- මතුසම්බන්ධයි....

Monday, September 23, 2019

Drama : Koombiyo II (Take 02)


Drama : Koombiyo II (Take 02)
Location : Garage
Date : 03-09-2019
Time : 07.36 pm

"අමාවකට අත වනනා පිච්ච මලී..
ලමැද නුඹේ කිරි පුසුඹින් සිත කැලඹී..
පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ..
පිච්ච මලට පැණි ඉහුණද සංකාවේ.."

ප්‍රියන්ත : අන්න අන්න අයියෙ අර සිංදුව යනවා. මං අවුරැදු ගාණකට කලිනුත් මේක ඇහුවා. මටනං පිස්සු වගේ. බොන තැනක මොනාහරි ඉහිරිච්ච එකක කතාවක් නං තේරෙනවා. ඇත්තටම මොකද්ද අයියෙ මෙකෙ තේරැම??

ජෙහාන් : ආ මේකද. ඕක ඔහොම උඩින් කිව්වට මාර තේරැමක් තියෙන්නෙ බං.
මෙහෙම හිතපංකො. දැන් උඹෙයි සුදු නංගිගෙයි සම්බන්දෙට අවුරැදු කීයක් විතර වෙනවද..?
ප්‍රි : අවුරැදු 10ක් 12ක් වෙනවා.

ජෙ : හරි දැන් හිතපං උඹලා දෙන්නා බැඳලා එක ගෙදරක පදිංචි වෙලා කාලයක් ගිහින් ළමෙකුත් හම්බෙලා සංතෝසෙන් ඉන්නවා කියලා.
ප්‍රි : අනේ මන්දා අයියෙ. ඉතිං කියන්නකො.

ජෙ : ඔහොම ඉද්දි හදිස්සියෙ උඹ හිතපං උඹට හෙන ලෙඩක් හැදිලා ඇඟේ හැම දෙයක්ම චෙක් කරගන්න වෙනවා.
ප්‍රි : ඒ මොන හෙනගහන කතාවක්ද අයියෙ.. තූ: විතරක්

ජෙ : වෙනවට නෙවෙයි නිකමට හිතපංකො
ප්‍රි : හරි ඉතිං
ජෙ : එහෙම වෙලා උඹේ හැමදේම චෙක් කරගෙන යද්දි ඩොක්ට කියනවා උඹට මේ තියෙන තත්ව අනුව කවදාවත්ම දරැවෙක් හැදෙන්න විදියක් නෑ කියලා. තේරැණාද..?
ප්‍රි : ඒතකොට අර ඉන්නවයි කියපු ලමයා. ඒකා කාගෙද?
ජෙ : අන්න ඒක තමා ප්‍රශ්නෙ.. අන්න උගෙ තාත්තා තමා මේක කියන්නෙ.

ප්‍රි : ඒ මොන අපබ්‍රංශ කතාවක්ද අයියෙ. මොන කුනුහරැප කියනවද මංදා.
ජෙ : ඔන්න ඕකනෙ බං. උඹනං මහ ගොනෙක්. එහෙනං මෙහෙම හිතපං. උඹ යනවා යාල කැලේ. හිතපංකො තනියම කියලා. ඔහොම යද්දි උඹට කැලේ මැද්දෙනුත් ටිකක් තනියම යන්න වෙනවා. අතේ තියෙන්නෙ ටිකක් දිග පොල්ලක් විතරයි කියලා හිතපංකො. 
ප්‍රි : හම්..

ජෙ : මෙහෙම යද්දි එකපාරටම උඹ ඉස්සරහට එනවා කොටියෙක්. උඹට වඩා ටිකක් ඈතින් ඉන්නෙ උඹට කරගන්න දෙයක් නැතිවෙනවා. බය වෙච්ච පාර උඹ අර අතේ තිබ්බ පොල්ල තුවක්කුවක් වගේ ඉස්සරහට කරලා ඌව බය කරන්න හදනවා. පස්සෙ උඹ නිකමට වගේ කොකා ගස්සනවා වගේ රඟපාලා කටින් පොඩි වෙඩි සද්දයක් දානවා. මෙන්න යකෝ කොටියා මැරිලා වැටෙනවා. දැන් කියපං බලන්න මොකක් වෙන්න ඇත්ද කියලා??
ප්‍රි : වෙන කවුරැහරි එකෙක් ඌට වෙඩි තියන්න ඇති.

ජෙ : අන්න උඹට තේරැනා. අර උඹෙයි සුදු නංගිගෙයි කතාවෙ පැත්තක ඉඳන් වෙඩි තියපු එකා තමා මේ සිංදුවෙන් පිච්ච පතට පැණි ඉහුණද සංකාවේ කියලා සුදු නංගිගෙන් අහන්නෙ.

ප්‍රි : අම්මප අයියෙ මට නිකමටවත් හිතුනෙ නෑනෙ මේකෙ මෙහෙම මඟුලක් කියනවා කියලා. 
ජෙ : ඒකනෙ බං.

ප්‍රි : එතකොට අයියෙ එපා විසි කරනු ගිංදර මගෙ පැල් පතට කියන්නෙ ඌ ඉන්නෙ පැල්පතකද? මගෙ සුදු නංගිනං මම තියන්නෙ රාජ කුමාරියක් වගේ. ඔය දුප්පත් එවුන් දිහා හැරිලාවත් බලන එකක් නෑ.
ජෙ : අනේ ගොනො, ඒ කෑල්ලෙන්ද. ඒකෙන් කියන්නෙ උඹල වගේ ගොබ්බ හරක් ඉන්නවනෙ ගෑනුන්ට යාන වාහන ගෙවල් දොරවල් දුන්නම සේරම හරි කියල හිතන. අන්න උන්ට වටේ පිටේ වෙඩි සද්ද ගැන කල්පනාවෙන් ඉන්න කියලා කියන්නෙ.
ප්‍රි : ඈ...

-- මතුසම්බන්ධයි....

Sunday, September 22, 2019

Drama : Koombiyo II (Take 01)


Drama : Koombiyo II (Take 01)
Location : Diyatha Uyana, Sri Lanka 
Date : 27-08-2019
Time : 6.36am

ප්‍රියන්ත : අයියේ
ජෙහාන් : ඇයි බං

ප්‍රි : අපි මේ කොහෙද අයියෙ ඉන්නෙ?
ජෙ : මේක තමයි බං දියත උයන ජොගිං පාත් එක

ප්‍රි : කොහෙද අයියෙ මේ මිනිස්සු වතුර බෝතලුත් කිහිල්ලෙ ගහගෙන පනකඩාගෙන දුවන්නෙ?
ජෙ : අයියෝ බං මේ මුං ඇඟවල් බස්සගන්න, දාඩිය පොඩ්ඩක් දාගන්න එක්සසයිස් එකට දුවන්නෙ

ප්‍රි : ඉතිං අයියෙ මේ ගොල්ලන්ට පුලුවන්නෙ ගෙදර ඇතුලෙ මහන්සිවෙලා මොකක්හරි වැඩ ටිකක් කරලා දාඩිය පොඩ්ඩක් දාගන්න.
ජෙ : මෙහෙමනෙ බං.. එහෙම කලාම මුන්ට ඒකෙ කිසි ගතියක් නෑ. අනික ඒ වැඩ කරන්න ගෙවල් වලට වෙන මිනිස්සු අරන් ඉන්නෙ. ලොකුම දේ තමා එහෙම කලාම අනිත් මිනිස්සු දන්නෙ නෑනෙ මුං මෙහෙම දෙයක් කරලා ඇඟවල් මේන්ටේන් කරනවා කියලා. ඒකයි මුං පාර බැහැලා මේ දේ ලෝකෙට පෙන්න කරන්නෙ.

ප්‍රි : ඉතිං අයියෙ මුන්ට පුලුවන්නෙ ගේ වටේ තියෙන ඉඩ ටිකක වටේම උන්ට පේන්න මේව කරන්න.
ජෙ : අන්න ඒකටනං රජෝ මුන්ට කරන්න දෙයක් නෑ. ඒකට වගකියන්න ඕන මුංගෙ අම්මලා තාත්තලා. 

ප්‍රි : ඇයි ඒ?
ජෙ : ඇයි කියන්නෙ බං. මුන්ගෙ අම්මලා තාත්තලාට අක්කර ගණං වල ඉඩං තිබුණා ඉසසර ගම්වල. හැබැයි පස්සෙ උන්ගෙ ලමයින්ට හොඳට උගන්නන්න හිතාගෙන, මේ මිනිස්සු කොළඹට එනවා ඒ ඉඩං විකුණලා මෙහෙ පර්චස් 6ක 7ක තාප්පෙටම හේත්තු කරලා හදපු ගෙවල් අරගෙන ඉන්නවා. ඉතිං කොහෙ දුවන්නද බං ඒවයෙ.

ප්‍රි : ඉතිං අයියෙ මේ ඒ හොඳට ඉගෙන ගත්තු ළමයිද මේ ඇඟවල් එලියෙ දාගෙන හෙලිවැල්ලෙන් වගේ පාරෙ දුවන්නෙ..?
ජෙ : මෙහෙමනෙ බං. එහෙම ඇන්දෙ නැත්තං රටේ මිනිස්සුන්ට හරියට ඒක පේන්නෙ නෑනෙ. උන්ව දැක්කෙ නෑ වගේ යන්න පුලුවන්. මෙහෙම ඇන්දම තමා මිනිස්සුන්ගෙ ඇස් උඩ ගිහිල්ලා කටවල් ඇරිලා බලලා පුදුම වෙන්නෙ. ඒකට තමා මුං ආස. මේ මිනිස්සු ආසයි උන් දිහා බලලා මිනිස්සු පුදුම වෙනවට. මුන් හිතන්නෙ මිනිස්සු මේ පුදුමෙන් බලන්නෙ මුන්ගෙ ඇඟවල් වල ලස්සන කියලා.

ප්‍රි : චී චී අයියෙ ඒ මොන ලැජ්ජ නැති වැඩක්ද. මගෙ සුදු නංගිටනං කීයක් දෙනවා කිව්වත් මේ සුකුරැත්තංනං අඳින්න දෙන්නෙ නෑ.
ජෙ : හරි හරි බං ඒ උඹනෙ. මුන්ගෙ හස්බන්ඩ්ලා කැමතියි බං මුන් මෙහෙම යනවට. 

උන් කැමතියි උන්ගෙ ගෑණු දිහා වෙන උන් බලනවට. කොටින්ම කිව්වොත් උන් ආසයි වෙනඋන් උන්ගෙ ගෑණු දිහා බලලා සතුටු වෙන එක දිහා බලලා සතුටුවෙන්න.

ඒක වෙනම ආතල් එකක් යකෝ. මෙන්න මෙහෙ යමන් යන්න.

--- මතුසම්බන්ධයි....

Friday, September 20, 2019

බස් නැටුං..




මේ කියන්නට යන්නේ අප කවුරුත් දැක ඇති නැටුං විශේෂයක් ගැනයි. ඒවා වැඩිපුරම බස්වල යන එන කොට දකින නිසා බස් ෂෝ නැටුං කියා දැම්මෙමි. ඇත්තටම ඒවා බස් වල නටන ඒවා නෙවේ. ඒවා නටන්නේ මියුසිකල් ෂෝ වලය. ෆ්ලෑෂ් බැක්, සහරා ෆ්ලෑෂ්, අර ෆ්ලෑෂ්  මේ ෆ්ලෑෂ් කවුරු ගැහුවත් ඒ එළිමහන් ප්‍රසංග වල නැතුවම බැරි පිරිසකි නැටුම් කණ්ඩායම.

මේ ලඟදි බස් එකට නැග්ගාම නිකමට ඇස ගැටුණු මේ සෙට් එක මරුය. බෑන්ඩ් එකේ සිංදු වලටත් එන එන ගායක ගායකාවන්ගේ සිංදු වලිනුත් එකකටහරි නටන්න මේ ළමයි ස්ටේජ් එකට පනී.

මේ ළමයින්ගේ ඇඳුම් පට්ටය. මී අඹ අත්තේ කොහෝ කොහෝ ගීතයට බිකිණි ඇඳන් නටයි. කැන්දන් යන්නං රන් මල් මාලා දාලා එකට මිනි ස්කර්ට් ඇඳන් නටයි, මේ ඉරිදා ගිය ඉරිදා එකට ළමා සාරි ඇඳන් නටයි. පදුම ගැළපිල්ලක් ඇති අතර සිංදුවේ කොහෙට ගලපනවාදැයි තාම හිතමි.

සමහර ඇඳුම් දිහා බලං ඉන්න බැරිය. ඒ තරම් ශීලාචාරය. නැටුම කෙසේවෙතත් හැම එකාම කට ඇරං ටීවී එක දිහා බලං ඉඳියි. ආච්චිලා ළමයින්ගේ ඇස් වහයි. තව එකෙක් බස් එකේ සීට් එක හපාගෙන බලං ඉන්නවා මම දුටිමි. උන් පව්ය. තව එකෙක් බහින තැන පහුවී ටවුන් තුන හතරක් එහායින් බැස්සේ ඒ නැටුම අවසන් වනතුරු බැලීමෙන් පසුය. 

නැටුම් ගැන නොකියාම බැරිය. එකෙක් අත උස්සන විට තව එකෙක් කකුල උස්සයි. තව එකෙක් කැරකෙන විට අනිකා උඩ පනී. එකෙක් හෝසෙට නටන විට එකෙක් බිම වාඩි වී හිඳී. මේවා දකින අපිට බස් එකෙන් පනින්න හිතෙයි. යකෝ මුන්ට නටන්න බැරිබව ගෙදර උන්වත් කියා නැද්දැයි සිතේ.

ඇඟවල් මරුය. නටන ළමයින්ගේ ඇඟවල් හැඩ වන බව මම අසා ඇත. ඒ නිසා අපේ පැත්තේ අක්ක කෙනෙක් හොඳ හොඳ නැටුම් නැටූ බව අම්මා කියනු මට ඇසුනමුත් ඒ අක්කා නම් හැඩ වූයේ නැත. එයානම් හැඩ වෙනුවට බඩ වූ බව මං මගේ දෑහිංම දැක්කෙමි. මේ නටන අක්කලා වෙනස්ය. සමහරු කොටු කෑලි මෙන් කෙට්ටු වන අතර සමහරෙක් ස්ටේජ් එක පාත් වෙන තරමටම මහතය. ඒ අය නටනවා පේන්නේ නැත. ඈතට බැලූ විට නිකං හිටං ඉන්නවා වගේ පෙනුනද ලංකලවිට මොකක්දො එකක් කරන බව පමණක් පෙනේ. කෙට්ටු උන් නටන විට අපේ ඇඟ හිරිවැටේ. දැන් ඇඳුම බිමට වැටේයැයි හිතෙන තරමට පට්ට ස්පීඩ් එකෙන් නටයි. අනිත් උන් සිංදුවෙ බාගෙකට නටන විට මේ අය මුලු සිංදුවටම නටා ස්ටේජ් එකෙනුත් බැස අවසන්ය. මේ අතරින් පතර හැඩ කෑලිද නැතුවාම නොවේ. අවාසනාවට උන්ට නටන්නට බැරිය.

මේකප් එක විශේෂය. මූණු වෙන පාටකි. පිට වෙනපාටකි. බඩ තව පාටකි. අත් වෙනම පාටකි. මෙසේ එක එක පාට ඇඟේ ගාගෙන නටන එකක් හරියටම හරියන සිදුවක් ඇත. එනම් මං බොහොම බයවුණා සිංදුවට සාමාන්‍ය ඇඳුමින් කිසිම පෙර සුදානමකින් තොරව පැමිණ නටන්නට කිව්වොත් සිංදුවේ තේරුම හැමෝටම ටක්කෙටම තේරෙනු නොඅනුමානය. ඒතරමටම බය හිතෙන දසුනකි.

ඩාන්ස් ස්ටෙප් කොහෙන් හොයාගන්න ඒවාදැයි නොදනී. සමහරු අනිත් උන් මොනා නැටුවත් එකම ස්ටෙප් එක සිංදුව පුරාම කරමින් ඉඳී. තව එකෙක් ස්ටෙප් අමතක වී අල්ලපු එකාගෙන් කොපි කර කර පුලු පුලුවන් විදියට නටනු දැකිය හැකිය. උන්ට සිංදුව අදාලම නැත. හෙන ස්ලෝ සිංදුවලට පිස්සුවෙන් වගේ නටන උන්ද ස්පීඩ් සිංදු වලට පට්ට ස්ලෝ නටන උන්ද අපිට අහුනොවන මොකක්හෝ වෙනම මානයක ජීවත් වෙන උන්දැයි මට සිතේ. ඒ තාල ඇල්ලිල්ලනං මෙලෝ යකෙකුට නොතේරේ.

ආතල්ම සීන් එක මේ නටන උන් බෑන්ඩ් එකේ සිංදු වලට නටද්දීය. සමහර ගායකයන් සිංදු කියද්දීත් මෙය සිදුවේ. එනම් නටන්න පුරුදු වී ඇති සිංදුව මැදදී වෙනස් කිරීමයි. නැතහොත් වෙනස් සිංදුවක් මික්ස් කර දිගටම කීමයි. තවත් වෙලාවක සිංදුව තාවකාලිකව නවතා ප්‍රේක්ෂකයා ලවා ගීය ගායනා කරවන අවස්ථාන නැතුවාම නොවේ. ඒ වෙලාවට නටන උන් අනාථ වේ. උන් හිටි තැනම නැවතී බල්බ් ගලවන ස්ටෙප් එක වැනි මොකක්හෝ කර කර මේ විගඩම අවසන් වනතුරු සිටිය යුතුය. සමහරු නිකම්ම නතර වී ඉන හොල්ලමින් ඔහේ ඉඳී. සමහරු බැස යයි. මේකනං පට්ට අසාධාරණය. පුරුදු වෙලා එන එකට නටද්දී වෙන වෙන පිස්සු කෙලීම වහා නතර කල යුතුය. උන්ට නටන්නට බැරි එක ඇත්තය. එහෙමයි කියා මෙහෙම කිරීම අනුමත කල නොහැක. එසේ අනාථ වූ, කොර වූ, චොර වූ සියලුම නැට්ටිච්චියන් වෙනුවෙන් තත්පර 15ක නිශ්ෂබ්දතාවයක් ප්‍රකාශයට පත් කරමින් මම නතර වෙමි. 

ඇති ඇති.. තත්පර පහලොව ඉවරයි. 

මේවැනි නැටුම් බලන්නට වී අසරණ සිතින් බස් රථ වල පැය ගණං ගමන්ගන්නා මඟීන් වෙනුවෙන් පැයක නිශ්ෂබ්දතාවයක් කලත් මදිය.