Menu

Tuesday, June 25, 2019

අපේ ට්‍රිප්..


ට්‍රිප් එකක් කියන්නෙම massive project එකක්. ඉස්සරනං කට්ටියට කතා කලා තැනක් බැලුවා ගියා වගේ සරල කාරණාවක් වුණාට දැන් වැඩේ ඊට වඩා පට්ට බරපතලයි.

ට්‍රිප් එකක අමාරුම වැඩේ තමයි කට්ටිය එකතු කරන එක. ඊට වඩා අමාරුයි තැනක් තීරණය කරන එක. ඇයි යන දවස. ඒකට ඉතිං මරාගන්න වෙනවා. මේ ඔක්කොම තීරණය කරා කියමුකො. අන්තිම මොහොතෙ  පෙරළෙන බාල්දි. ඒව ගැන කාටවත් කලින් කියන්න බෑ. සමහරවිට ඒවා මේක යන උන්ම මුල ඉඳලා ගහපු ප්ලෑන් වල ප්‍රතිඵල වෙන්න පුලුවන්. ඒත් ඉතිං ඒවා හෙවිලි බොරු.

දැන් අපි එකින් එක වෙන ප්‍රශ්ණ ගැන පොඩ්ඩක් බලමු. යන කට්ටිය තීරණය කරද්දි අරූට කැමති නැති උන්, මූට කැමති නැති උන්, අරයගෙ වයිෆ්ට ආස නැති උන් සේරම හැලුවම ඉතුරු වෙන්නෙ දෙන්නෙක් විතර. ඒ හිංදා අර හැමඑකාගෙම හිත හදලා, පෙනඩෝල් පොවලා, සිද්ධාලේප ගාලා, හිසකුඩිච්චි දාලා සුවපත් කරලා යනතැනට හිත හදන්න ඕන. ඒකත් ට්‍රිපට අදාලයි. නැත්තං යන්න වෙන්නෑ.

ඊළඟට තැන. බදාම්මෝ. කට්ටිය වැඩි වෙන්න වෙන්න වැඩේ සංකීර්ණයි. අරකෙ කෑම කේස්. මේකෙ ඇතුලට යන තැන පඩිය ලිස්සනවා. අනිකෙ පූල් එක ලඟ ගඳයි. තව එකක ඉස්සරහම ඉඳන් ආයුබොවං කියන එකාගෙ නහය ඇදයි. මේක ගාණ වැඩියි. අරක හෙන චීප් පොට් එකක් මචං. කතා කෝටියයි. ඒකත් ඉතිං කොහොමහරි බැලන්ස් කලායි කියමුකො.

දැන් තියෙන්නෙ දවස. තනිකරම යුද්ධයක් තමා. අර weekend එකේ මැද දවසෙ මට බෑ අයියෝ. එදාට මට මෙව්ව වෙනවා. ඒ දවස නං ඕකේ ඒත් බලන්න ඕන. අනෙ එදාට මං කැමති නෑ අනේ. ආ එදාට.. අපෙ පුංචිගෙ පුතාගෙ අල්ලපුගෙදර නැන්දගෙ රට ඉන්න යාලුවෙක්ගෙ අයියා කෙනෙක්ගෙ දානෙ ගෙයක්. ඒකට යන්නම එපැයි. පෝය දවස්නං බෑ. සිල් ගන්නෝන. 
මෙහෙම බැලුවම ඉතිං මේ weekend එකේ වරුවයි ඊළඟ weekend එකේ වරුවයි තමා ට්‍රිප් යන්න වෙන්නෙ. ඒකත් කොහොමහරි කරයි කියමුකො.

දැන් යන එන ගමන් සෙට් වුණාම කන බොන ජාති. විශේෂයෙන් බොනජාති. අරූ අරක බොන්නෑ. මූ මේක බොන්නෑ. මට අරව පෙන්නන්න බෑ වමනෙට එනවා. අප්පා මචං ඒවා සර්ජිකල් ස්ප්‍රිට් වගේ. Foreign ඒවා ගණං වැඩී බං. දැන් ඉතිං බොන්න වෙන්නෙ කසිප්පු තමා.

මේ යම යුද්ධ මැද්දෙ කොහොමින් කොහොමහරි වැඩේ කලා කියමුකො. හෝටලේට හරි මොකක්හරි තැනට ගිය වෙලේ ඉඳං..
මොනාද බං මේ හොටෙල්..
නෙදකිං ගෙදරින් කනවා මීට වඩා හොඳට..
සර්විස් එක බලු වටින්නෑ.. 
අයියෝ උණු වතුර නැද්ද?
පූල් ටේබල් එකක්වත් නෑනෙ..
මචං ටීවී එක වැඩනෑනෙ..
10ට නවත්තල වැඩක් තියෙනවද බං. එන්නකලිං ඇහුවෙ නැද්ද?
ගියමාසෙ දවසක කෑම එකක පණුවෙක්ගෙ ඇහැක් වගේ එකක් තිබිලා හම්බුනා කියලා ආපු එකෙක් කියනවා මගේ ලඟ හිටපු ඇන්ටිට ඇහුනා කියලා එයා කාටද කියනවා මං හීනෙං දැක්කා..
මොකුත් ඉවෙන්ට්ස් නැද්ද මචං. බෝරිංනෙ.
මේ ගාණට මේක හෙන පාඩුයි බං..
අර මං කිව්ව එක මීට වඩා හොඳයි බං. අපරාදේ..

වලිකාගෙන වැඩේ ගොඩදාපු උන්ට දෙනවා රොටි වෙන්න. උගෙ අප්පගෙ හෝටලේට එක්කගියා වගේ නැතිකරලම දානවා. ආයෙ ඉතිං මලාට වැඩක් ප්ලෑන් කරන්න හිතෙන්නෑ උන්ට.

කියන්න සංතෝසයි ඔන්න ඕකයි සිරිලංකන් ට්‍රිප් වල තත්වෙ සහෝදරවරුනි.

වෙන රටවල උන් හොටෙල් වලට ගිහිං හොඳට relax කරලා එනවා. අපේ උන් හැමරෙද්දම ට්‍රිප් එක අස්සෙ කරන්න ගිහිං ගෙදර ඇවිත් මැරිලා වගේ ඇඳට වැටෙනවා.

අත්දැකීමෙන් ලිව්වෙ.. 😜

No comments:

Post a Comment