Menu

Thursday, June 13, 2019

Restrictions


මිනිස්සු කරන්නෙ තමන් කැමති දේවල්. කන්නෙ බොන්නෙ ආස කරන දේවල්. එහෙම තියෙද්දි සමහර දේවල් වලට අපි වාරණ දාන එක හරිද. සමහර දේවල් තහනම් කරන එක හරිද? උදාහරණයක විදියට කිව්වොත් අපි කන සමහර කෑම වල අහිතකර ද්‍රව්‍ය ඕන තරම් තියෙනවා. පොඩි පොඩි රෝග කාරක වල ඉඳන් පිළිකා කාරක වෙනකල් හැමදේම තියෙන ආහාර පාන වර්ග ඕනතරම් මාකට් එකේ තියෙනවා. කිසිම තහනමක් නැතුව.

ඒත් සමහර දේවල් තියෙනවා මත්ද්‍රව්‍ය විදියට නම් කරලා නීති විරෝධී ලේබල් එක ගහලා තහනම් කරපු. ඒත් ඒවත් අර සාමාන්‍ය කෑම බීම ජාති කාලා බීලා සතුටු වෙන මිනිස්සු වගේම පිරිසක් සතුටු වෙන්න යොදාගන්න දේවල්. උන්ගෙ ආතල් එක වෙනස්. හැබැයි අපි කොහොමද ඒක නීතිවිරෝධී කියන්නෙ.
මේව ගන්න අයගෙ ප්‍රශ්ණ දෙකයි තියෙන්නෙ. එක. මේවගෙන් උන්ට තියෙන හානිය. දෙක මේවා අරන් උන් වෙන කෙනෙකුට හානිදායක දේවල් කරන්න පුලුවන්.

පළවෙනි එකනං අපිකන සාමාන්‍ය දේවල් වලත් වෙන්න පුලුවන්. ඔය තියෙන ටොෆී වරිග, අයිස් ක්‍රීම් වර්ග, instant foods, බිස්කට් වර්ග, බීම ජාති වල මොන හත්තිලව් තියෙනවද කියලා අපි දන්නෙත් නෑ හොයන්නෙත් නෑ. ඒවයින් හැදෙන ලෙඩ ගැන අපිවගේ රටවල උන්ට ගාණකුත් නෑ. මංනං කියන්නෙ ඒවා වැඩකුත් නෑ. ඉන්න ටිකේ තමන් ආස දේවල් කාලා බීලා ඉන්න බැරිනං වැඩක් තියෙනවද?

දෙවනි එක වෙන්න පුලුවන් මත්ද්‍රව්‍ය තියෙන්න පුලුවන්. ඒත් ඔය තහනම් කරලා තියෙන ගොඩක් ඒවා අතර භාවිතයෙන් පස්සෙ ගත්ත එකා calm down වෙන, කල්පනා කර කර ඉන්න, වෙනම හීන ලෝක වල තනිවෙන, අමුතුම ආතල් තනියම ගන්න දේවලුත් තියෙනවා. ඒක තනිකරම උන්ගෙ කැමැත්ත. අන්න ඒවා හිරකරලා තියන එක හරිද. ඒ නිදහස නැති කරන එක හරිද. 
Diabetic (ඔව් ඔව් සීනි සීනි) හැදුනම පොඩ්ඩ ඇත්තං මල පනින කේස් එකක් එනවා කියලා දැනට හොයාගෙන තියෙනවා. ඒක නිසා ලෝකෙ ඉන්න අනිත් මිනිස්සු සේරටම සීනි අඩංගු ආහාර තහනම් කරන එක හරිද?
අනේමංදා මටනං අවුල් වගේ..

අපි කන බොන පොඩි පොඩි දේවල් කාලා බීලා ආතල් එකක් නැති එකෙක්ට අර මට්ටමේ උට ඕනකරන විදියෙ දේකට යන්න බැරි වෙන එක අපරාදේ.. ඔය කරන හැම මඟුලම කරන්න වෙන්නෙ මේ ජීවත් වෙලා ඉන්න ටික කාලෙ විතරයි. මොන බාධක නීති දැම්මත් කරන්න ඕන එවුන් දැනටමත් හොරෙන්හරි ඒ දේවල් කරනවා. ඒක පාඩුවෙ කරන්න දීපල්ලා. උන් පව්. 😂😅

#u_know_what_i_mean #drugs

No comments:

Post a Comment