Menu

Monday, September 23, 2019

Drama : Koombiyo II (Take 02)


Drama : Koombiyo II (Take 02)
Location : Garage
Date : 03-09-2019
Time : 07.36 pm

"අමාවකට අත වනනා පිච්ච මලී..
ලමැද නුඹේ කිරි පුසුඹින් සිත කැලඹී..
පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ..
පිච්ච මලට පැණි ඉහුණද සංකාවේ.."

ප්‍රියන්ත : අන්න අන්න අයියෙ අර සිංදුව යනවා. මං අවුරැදු ගාණකට කලිනුත් මේක ඇහුවා. මටනං පිස්සු වගේ. බොන තැනක මොනාහරි ඉහිරිච්ච එකක කතාවක් නං තේරෙනවා. ඇත්තටම මොකද්ද අයියෙ මෙකෙ තේරැම??

ජෙහාන් : ආ මේකද. ඕක ඔහොම උඩින් කිව්වට මාර තේරැමක් තියෙන්නෙ බං.
මෙහෙම හිතපංකො. දැන් උඹෙයි සුදු නංගිගෙයි සම්බන්දෙට අවුරැදු කීයක් විතර වෙනවද..?
ප්‍රි : අවුරැදු 10ක් 12ක් වෙනවා.

ජෙ : හරි දැන් හිතපං උඹලා දෙන්නා බැඳලා එක ගෙදරක පදිංචි වෙලා කාලයක් ගිහින් ළමෙකුත් හම්බෙලා සංතෝසෙන් ඉන්නවා කියලා.
ප්‍රි : අනේ මන්දා අයියෙ. ඉතිං කියන්නකො.

ජෙ : ඔහොම ඉද්දි හදිස්සියෙ උඹ හිතපං උඹට හෙන ලෙඩක් හැදිලා ඇඟේ හැම දෙයක්ම චෙක් කරගන්න වෙනවා.
ප්‍රි : ඒ මොන හෙනගහන කතාවක්ද අයියෙ.. තූ: විතරක්

ජෙ : වෙනවට නෙවෙයි නිකමට හිතපංකො
ප්‍රි : හරි ඉතිං
ජෙ : එහෙම වෙලා උඹේ හැමදේම චෙක් කරගෙන යද්දි ඩොක්ට කියනවා උඹට මේ තියෙන තත්ව අනුව කවදාවත්ම දරැවෙක් හැදෙන්න විදියක් නෑ කියලා. තේරැණාද..?
ප්‍රි : ඒතකොට අර ඉන්නවයි කියපු ලමයා. ඒකා කාගෙද?
ජෙ : අන්න ඒක තමා ප්‍රශ්නෙ.. අන්න උගෙ තාත්තා තමා මේක කියන්නෙ.

ප්‍රි : ඒ මොන අපබ්‍රංශ කතාවක්ද අයියෙ. මොන කුනුහරැප කියනවද මංදා.
ජෙ : ඔන්න ඕකනෙ බං. උඹනං මහ ගොනෙක්. එහෙනං මෙහෙම හිතපං. උඹ යනවා යාල කැලේ. හිතපංකො තනියම කියලා. ඔහොම යද්දි උඹට කැලේ මැද්දෙනුත් ටිකක් තනියම යන්න වෙනවා. අතේ තියෙන්නෙ ටිකක් දිග පොල්ලක් විතරයි කියලා හිතපංකො. 
ප්‍රි : හම්..

ජෙ : මෙහෙම යද්දි එකපාරටම උඹ ඉස්සරහට එනවා කොටියෙක්. උඹට වඩා ටිකක් ඈතින් ඉන්නෙ උඹට කරගන්න දෙයක් නැතිවෙනවා. බය වෙච්ච පාර උඹ අර අතේ තිබ්බ පොල්ල තුවක්කුවක් වගේ ඉස්සරහට කරලා ඌව බය කරන්න හදනවා. පස්සෙ උඹ නිකමට වගේ කොකා ගස්සනවා වගේ රඟපාලා කටින් පොඩි වෙඩි සද්දයක් දානවා. මෙන්න යකෝ කොටියා මැරිලා වැටෙනවා. දැන් කියපං බලන්න මොකක් වෙන්න ඇත්ද කියලා??
ප්‍රි : වෙන කවුරැහරි එකෙක් ඌට වෙඩි තියන්න ඇති.

ජෙ : අන්න උඹට තේරැනා. අර උඹෙයි සුදු නංගිගෙයි කතාවෙ පැත්තක ඉඳන් වෙඩි තියපු එකා තමා මේ සිංදුවෙන් පිච්ච පතට පැණි ඉහුණද සංකාවේ කියලා සුදු නංගිගෙන් අහන්නෙ.

ප්‍රි : අම්මප අයියෙ මට නිකමටවත් හිතුනෙ නෑනෙ මේකෙ මෙහෙම මඟුලක් කියනවා කියලා. 
ජෙ : ඒකනෙ බං.

ප්‍රි : එතකොට අයියෙ එපා විසි කරනු ගිංදර මගෙ පැල් පතට කියන්නෙ ඌ ඉන්නෙ පැල්පතකද? මගෙ සුදු නංගිනං මම තියන්නෙ රාජ කුමාරියක් වගේ. ඔය දුප්පත් එවුන් දිහා හැරිලාවත් බලන එකක් නෑ.
ජෙ : අනේ ගොනො, ඒ කෑල්ලෙන්ද. ඒකෙන් කියන්නෙ උඹල වගේ ගොබ්බ හරක් ඉන්නවනෙ ගෑනුන්ට යාන වාහන ගෙවල් දොරවල් දුන්නම සේරම හරි කියල හිතන. අන්න උන්ට වටේ පිටේ වෙඩි සද්ද ගැන කල්පනාවෙන් ඉන්න කියලා කියන්නෙ.
ප්‍රි : ඈ...

-- මතුසම්බන්ධයි....

Sunday, September 22, 2019

Drama : Koombiyo II (Take 01)


Drama : Koombiyo II (Take 01)
Location : Diyatha Uyana, Sri Lanka 
Date : 27-08-2019
Time : 6.36am

ප්‍රියන්ත : අයියේ
ජෙහාන් : ඇයි බං

ප්‍රි : අපි මේ කොහෙද අයියෙ ඉන්නෙ?
ජෙ : මේක තමයි බං දියත උයන ජොගිං පාත් එක

ප්‍රි : කොහෙද අයියෙ මේ මිනිස්සු වතුර බෝතලුත් කිහිල්ලෙ ගහගෙන පනකඩාගෙන දුවන්නෙ?
ජෙ : අයියෝ බං මේ මුං ඇඟවල් බස්සගන්න, දාඩිය පොඩ්ඩක් දාගන්න එක්සසයිස් එකට දුවන්නෙ

ප්‍රි : ඉතිං අයියෙ මේ ගොල්ලන්ට පුලුවන්නෙ ගෙදර ඇතුලෙ මහන්සිවෙලා මොකක්හරි වැඩ ටිකක් කරලා දාඩිය පොඩ්ඩක් දාගන්න.
ජෙ : මෙහෙමනෙ බං.. එහෙම කලාම මුන්ට ඒකෙ කිසි ගතියක් නෑ. අනික ඒ වැඩ කරන්න ගෙවල් වලට වෙන මිනිස්සු අරන් ඉන්නෙ. ලොකුම දේ තමා එහෙම කලාම අනිත් මිනිස්සු දන්නෙ නෑනෙ මුං මෙහෙම දෙයක් කරලා ඇඟවල් මේන්ටේන් කරනවා කියලා. ඒකයි මුං පාර බැහැලා මේ දේ ලෝකෙට පෙන්න කරන්නෙ.

ප්‍රි : ඉතිං අයියෙ මුන්ට පුලුවන්නෙ ගේ වටේ තියෙන ඉඩ ටිකක වටේම උන්ට පේන්න මේව කරන්න.
ජෙ : අන්න ඒකටනං රජෝ මුන්ට කරන්න දෙයක් නෑ. ඒකට වගකියන්න ඕන මුංගෙ අම්මලා තාත්තලා. 

ප්‍රි : ඇයි ඒ?
ජෙ : ඇයි කියන්නෙ බං. මුන්ගෙ අම්මලා තාත්තලාට අක්කර ගණං වල ඉඩං තිබුණා ඉසසර ගම්වල. හැබැයි පස්සෙ උන්ගෙ ලමයින්ට හොඳට උගන්නන්න හිතාගෙන, මේ මිනිස්සු කොළඹට එනවා ඒ ඉඩං විකුණලා මෙහෙ පර්චස් 6ක 7ක තාප්පෙටම හේත්තු කරලා හදපු ගෙවල් අරගෙන ඉන්නවා. ඉතිං කොහෙ දුවන්නද බං ඒවයෙ.

ප්‍රි : ඉතිං අයියෙ මේ ඒ හොඳට ඉගෙන ගත්තු ළමයිද මේ ඇඟවල් එලියෙ දාගෙන හෙලිවැල්ලෙන් වගේ පාරෙ දුවන්නෙ..?
ජෙ : මෙහෙමනෙ බං. එහෙම ඇන්දෙ නැත්තං රටේ මිනිස්සුන්ට හරියට ඒක පේන්නෙ නෑනෙ. උන්ව දැක්කෙ නෑ වගේ යන්න පුලුවන්. මෙහෙම ඇන්දම තමා මිනිස්සුන්ගෙ ඇස් උඩ ගිහිල්ලා කටවල් ඇරිලා බලලා පුදුම වෙන්නෙ. ඒකට තමා මුං ආස. මේ මිනිස්සු ආසයි උන් දිහා බලලා මිනිස්සු පුදුම වෙනවට. මුන් හිතන්නෙ මිනිස්සු මේ පුදුමෙන් බලන්නෙ මුන්ගෙ ඇඟවල් වල ලස්සන කියලා.

ප්‍රි : චී චී අයියෙ ඒ මොන ලැජ්ජ නැති වැඩක්ද. මගෙ සුදු නංගිටනං කීයක් දෙනවා කිව්වත් මේ සුකුරැත්තංනං අඳින්න දෙන්නෙ නෑ.
ජෙ : හරි හරි බං ඒ උඹනෙ. මුන්ගෙ හස්බන්ඩ්ලා කැමතියි බං මුන් මෙහෙම යනවට. 

උන් කැමතියි උන්ගෙ ගෑණු දිහා වෙන උන් බලනවට. කොටින්ම කිව්වොත් උන් ආසයි වෙනඋන් උන්ගෙ ගෑණු දිහා බලලා සතුටු වෙන එක දිහා බලලා සතුටුවෙන්න.

ඒක වෙනම ආතල් එකක් යකෝ. මෙන්න මෙහෙ යමන් යන්න.

--- මතුසම්බන්ධයි....

Friday, September 20, 2019

බස් නැටුං..




මේ කියන්නට යන්නේ අප කවුරුත් දැක ඇති නැටුං විශේෂයක් ගැනයි. ඒවා වැඩිපුරම බස්වල යන එන කොට දකින නිසා බස් ෂෝ නැටුං කියා දැම්මෙමි. ඇත්තටම ඒවා බස් වල නටන ඒවා නෙවේ. ඒවා නටන්නේ මියුසිකල් ෂෝ වලය. ෆ්ලෑෂ් බැක්, සහරා ෆ්ලෑෂ්, අර ෆ්ලෑෂ්  මේ ෆ්ලෑෂ් කවුරු ගැහුවත් ඒ එළිමහන් ප්‍රසංග වල නැතුවම බැරි පිරිසකි නැටුම් කණ්ඩායම.

මේ ලඟදි බස් එකට නැග්ගාම නිකමට ඇස ගැටුණු මේ සෙට් එක මරුය. බෑන්ඩ් එකේ සිංදු වලටත් එන එන ගායක ගායකාවන්ගේ සිංදු වලිනුත් එකකටහරි නටන්න මේ ළමයි ස්ටේජ් එකට පනී.

මේ ළමයින්ගේ ඇඳුම් පට්ටය. මී අඹ අත්තේ කොහෝ කොහෝ ගීතයට බිකිණි ඇඳන් නටයි. කැන්දන් යන්නං රන් මල් මාලා දාලා එකට මිනි ස්කර්ට් ඇඳන් නටයි, මේ ඉරිදා ගිය ඉරිදා එකට ළමා සාරි ඇඳන් නටයි. පදුම ගැළපිල්ලක් ඇති අතර සිංදුවේ කොහෙට ගලපනවාදැයි තාම හිතමි.

සමහර ඇඳුම් දිහා බලං ඉන්න බැරිය. ඒ තරම් ශීලාචාරය. නැටුම කෙසේවෙතත් හැම එකාම කට ඇරං ටීවී එක දිහා බලං ඉඳියි. ආච්චිලා ළමයින්ගේ ඇස් වහයි. තව එකෙක් බස් එකේ සීට් එක හපාගෙන බලං ඉන්නවා මම දුටිමි. උන් පව්ය. තව එකෙක් බහින තැන පහුවී ටවුන් තුන හතරක් එහායින් බැස්සේ ඒ නැටුම අවසන් වනතුරු බැලීමෙන් පසුය. 

නැටුම් ගැන නොකියාම බැරිය. එකෙක් අත උස්සන විට තව එකෙක් කකුල උස්සයි. තව එකෙක් කැරකෙන විට අනිකා උඩ පනී. එකෙක් හෝසෙට නටන විට එකෙක් බිම වාඩි වී හිඳී. මේවා දකින අපිට බස් එකෙන් පනින්න හිතෙයි. යකෝ මුන්ට නටන්න බැරිබව ගෙදර උන්වත් කියා නැද්දැයි සිතේ.

ඇඟවල් මරුය. නටන ළමයින්ගේ ඇඟවල් හැඩ වන බව මම අසා ඇත. ඒ නිසා අපේ පැත්තේ අක්ක කෙනෙක් හොඳ හොඳ නැටුම් නැටූ බව අම්මා කියනු මට ඇසුනමුත් ඒ අක්කා නම් හැඩ වූයේ නැත. එයානම් හැඩ වෙනුවට බඩ වූ බව මං මගේ දෑහිංම දැක්කෙමි. මේ නටන අක්කලා වෙනස්ය. සමහරු කොටු කෑලි මෙන් කෙට්ටු වන අතර සමහරෙක් ස්ටේජ් එක පාත් වෙන තරමටම මහතය. ඒ අය නටනවා පේන්නේ නැත. ඈතට බැලූ විට නිකං හිටං ඉන්නවා වගේ පෙනුනද ලංකලවිට මොකක්දො එකක් කරන බව පමණක් පෙනේ. කෙට්ටු උන් නටන විට අපේ ඇඟ හිරිවැටේ. දැන් ඇඳුම බිමට වැටේයැයි හිතෙන තරමට පට්ට ස්පීඩ් එකෙන් නටයි. අනිත් උන් සිංදුවෙ බාගෙකට නටන විට මේ අය මුලු සිංදුවටම නටා ස්ටේජ් එකෙනුත් බැස අවසන්ය. මේ අතරින් පතර හැඩ කෑලිද නැතුවාම නොවේ. අවාසනාවට උන්ට නටන්නට බැරිය.

මේකප් එක විශේෂය. මූණු වෙන පාටකි. පිට වෙනපාටකි. බඩ තව පාටකි. අත් වෙනම පාටකි. මෙසේ එක එක පාට ඇඟේ ගාගෙන නටන එකක් හරියටම හරියන සිදුවක් ඇත. එනම් මං බොහොම බයවුණා සිංදුවට සාමාන්‍ය ඇඳුමින් කිසිම පෙර සුදානමකින් තොරව පැමිණ නටන්නට කිව්වොත් සිංදුවේ තේරුම හැමෝටම ටක්කෙටම තේරෙනු නොඅනුමානය. ඒතරමටම බය හිතෙන දසුනකි.

ඩාන්ස් ස්ටෙප් කොහෙන් හොයාගන්න ඒවාදැයි නොදනී. සමහරු අනිත් උන් මොනා නැටුවත් එකම ස්ටෙප් එක සිංදුව පුරාම කරමින් ඉඳී. තව එකෙක් ස්ටෙප් අමතක වී අල්ලපු එකාගෙන් කොපි කර කර පුලු පුලුවන් විදියට නටනු දැකිය හැකිය. උන්ට සිංදුව අදාලම නැත. හෙන ස්ලෝ සිංදුවලට පිස්සුවෙන් වගේ නටන උන්ද ස්පීඩ් සිංදු වලට පට්ට ස්ලෝ නටන උන්ද අපිට අහුනොවන මොකක්හෝ වෙනම මානයක ජීවත් වෙන උන්දැයි මට සිතේ. ඒ තාල ඇල්ලිල්ලනං මෙලෝ යකෙකුට නොතේරේ.

ආතල්ම සීන් එක මේ නටන උන් බෑන්ඩ් එකේ සිංදු වලට නටද්දීය. සමහර ගායකයන් සිංදු කියද්දීත් මෙය සිදුවේ. එනම් නටන්න පුරුදු වී ඇති සිංදුව මැදදී වෙනස් කිරීමයි. නැතහොත් වෙනස් සිංදුවක් මික්ස් කර දිගටම කීමයි. තවත් වෙලාවක සිංදුව තාවකාලිකව නවතා ප්‍රේක්ෂකයා ලවා ගීය ගායනා කරවන අවස්ථාන නැතුවාම නොවේ. ඒ වෙලාවට නටන උන් අනාථ වේ. උන් හිටි තැනම නැවතී බල්බ් ගලවන ස්ටෙප් එක වැනි මොකක්හෝ කර කර මේ විගඩම අවසන් වනතුරු සිටිය යුතුය. සමහරු නිකම්ම නතර වී ඉන හොල්ලමින් ඔහේ ඉඳී. සමහරු බැස යයි. මේකනං පට්ට අසාධාරණය. පුරුදු වෙලා එන එකට නටද්දී වෙන වෙන පිස්සු කෙලීම වහා නතර කල යුතුය. උන්ට නටන්නට බැරි එක ඇත්තය. එහෙමයි කියා මෙහෙම කිරීම අනුමත කල නොහැක. එසේ අනාථ වූ, කොර වූ, චොර වූ සියලුම නැට්ටිච්චියන් වෙනුවෙන් තත්පර 15ක නිශ්ෂබ්දතාවයක් ප්‍රකාශයට පත් කරමින් මම නතර වෙමි. 

ඇති ඇති.. තත්පර පහලොව ඉවරයි. 

මේවැනි නැටුම් බලන්නට වී අසරණ සිතින් බස් රථ වල පැය ගණං ගමන්ගන්නා මඟීන් වෙනුවෙන් පැයක නිශ්ෂබ්දතාවයක් කලත් මදිය.

Tuesday, September 17, 2019

ඇයි අපි ලීක් කරගන්නෙ..??


ඇයි අපි ලීක් කරගන්නෙ..??

මේ දවස් වල නොසෑහෙන්න කතාවෙන සිද්ධියක්. මේක ටිකක් හොඳට ලිහා බලමු.
ඇත්තටම ඇයි මෙහෙම වෙන්නෙ එහෙමත් නැත්නං කරන්නෙ කියලා.

ලෝක ඉතිහාසයේ පළමුවන අසභ්‍ය චිත්‍රපටය ගැන සඳහන් වෙන්නෙ 1925 විතර කරපු එකක්. ඒක බොහෝදුරට සංවිධානාත්මකව කරන ලද professional video එකක මට්ටමට වැටෙන වචන නැති subtitles විතරක් පාවිච්චි කරන කාලෙ කරපු එකක්. පස්සෙ පස්සෙ globally මේ industry එක කොයිතරම් ව්‍යාප්ත වුනාද වැඩිදියුණු වුණාද කියලා හැමෝම දන්නවා.

ඒත් ඒ සමාජයත් එක්ක අපේ රටවල් විශේෂයෙන් ආසියානු රටවල් මේ පැත්තට අරතරං ගියේ නෑ. සංස්කෘතික සදාචාරාත්මක ප්‍රශ්ණ මේකට එකපැත්තකින් හේතුවුණා. ඒත් එක්ක ඉස්සරහට ආපු රටවල් වලට කාලයත් එක්ක මේ දේවල් අති සාමාන්‍ය වෙන්න ගන්නවා. කොටින්ම පාරක තොටක බස් එකක සෙනඟ ගැවසෙන ඕනම තැනක මේ දේවල් කරන එක සාමාන්‍ය තත්වයට පත්වෙන තරමටම ඒක සරල වෙනවා. එතනදි මුලින් ඔවුන්ටත් මේ ලීක් ප්‍රශ්ණ වගේ දේවල් එන්නැති ඒත් කාලයත් එක්ක දැකලා දැකලාම මේවා ගානක්නැතුව ගිහිං. කොටින්ම කිව්වොත් මෙහෙම සමහර කොල්ලො කෙල්ලෙ තමන්විසින් කරන video  එළියට දාන homemade porn කියලා වෙනම category එකක් පවා අද වෙද්දි ගොඩක් දියුණු තැනක තියෙනවා. ඒවා ඇත්තටම homemadeද professional ද කියලා හිතාගන්න අමාරු තැනට ඒ මිනිස්සු ඒක ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. තවමත් ලීක් එකක් විදියට එළියට එන video තියෙනවා. ඒවා හැබැයි අපේ රටවල වගේ හැච්චො බැච්චොන්ගෙ ඒවා නෙවෙයි. Celebrity leaks විදියට තමයි ඒක මේ මාකට් එකේ place කරන්නෙ. ඔන්න ඕකයි ලෝකෙ තත්වෙ.

අන්තිමට කියන්න තියෙන්නෙ මෙතන වැදගත්ම කාරණා තමයි අන්‍යෝන්‍ය අවබෝධය හා තාක්ෂණික දැනුම කියන එක. මේ දෙකම හරියට නොදැන මේ දෙවල් නොකර ඉන්න තරමට හොඳයි කියන එක තමයි කියන්න තියෙන්නෙ. කරන්න ඕනමනං කරපල්ලා.

දැන් බලමු අපිට මොකද වුනේ කියලා. අපි අර සංස්කෘතික බැඳීම් අරවයින් මේවයින් කොටුවෙලා හිටියට මේ ලෝකෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා නෑනෙ. ඒ හිංදා මේ porn කියන එක අපිට අරුමයක් නෙවෙයි. ඒ අත්දැකීම් හිංදා අපිටත් ඕන වෙනවා අපි ඒ වගේ අවස්ථා වල හැසිරෙන විදිය අපිටම බලාගන්න. එහෙමත් නැත්නං අපිත් අරවගේ තැනකදි හැසරෙන විදිය පිට ඉඳන් බලන්න බොහොම අහිංසක ආශාවත් එනවා. අනික අපේ උන්ට අරුන්ට වගේ නිතර ඔය විදියෙ සෙට්විලි වලට යන්න වෙන්නෑ. සමහරවිට මාසෙටම එකපාරයි. සමහරුන් එහෙමත් නෑ. (මං කියන්නෙ මේ බඳින්න කලිං තත්වෙ හරි) ඉතිං මෙහෙම මොකක්හරි දන්න කියන විදියට හද්ද ගොං video එකක් හරි කරලා ආයෙ හම්බෙනකල් ගෙදර ගිහිං බල බල ඉන්න එක හෙනම අහිංසක ආතල් එකක්. ඒක තමා මේකෙ මුල.

එතනදි නොදැනුවත්කම හිංදා අපේ උන් පට්ට බුල් ටිකක් ගහගන්නවා. Sex වලදි වගේම මේ technology භාවිතයෙදිත් අපේ උන් සෑහෙන්න ප්‍රාථමිකයි. ඒකනිසා තමයි මේ ලීක් වෙන ගොඩක් උන්ගෙ කතාව එකක් වෙන්නෙ. මම ෆෝන් එක හදන්න දුන්නා එතන එකා මේක එළියට දීලා කියන එක තමයි මේකෙ common උත්තරේ. එහෙම නැතුව කෙල්ලට කෙලවන්න කොල්ලා විසින්ම එළියට දාපුවා අපේ නැතිතරං. මොකද අවුරුදු 2500ක පෞඬ මෙව්වා එකක් තියෙන සදාචාරාත්මක ජාතියක් අපි. එහෙම බලු වැඩ නෑ ඩෝ අප ලඟ.

කොහොමින් කොහොමහරි ලීක් කරගත්තා කියමුකො. ඔන්න දැන් තමයි ආතල්ම කෑල්ල. FB එකෙයි දන්න නොදන්න හැම group cht forum වලම මාතෘකාව මේක. ලින්ක් එක share වෙනවා. නැති උන් පොළොවෙ පස් කකා ඒක ඉල්ලනවා. කොහොමහරි හොයාගෙන ලංකාවෙ භාගෙකටත් වැඩිය දවස් දෙක තුනක් යද්දි මේක බලනවා. බලලා මොකද කරන්නෙ. මේකෙ තුප්පහිම පාට් එක තමයි මේ. දැන් හොයන්න ගන්නවා ඒකෙ හිටපු උන්ගෙ පෞද්ගලික දේවල්. හිටියෙ කොහෙද fb profile දැන් මොනාද කරන්නෙ, ඇත්තටම මුං යාලුද, කොහෙද මේ තැන වගේ කිසම වැඩකට නැති පල්හෑලි හොයලා උන්ගෙ මූණුත් එක්ක, අරුන් දෙන්නට පාරක බැහැලා යන්න බැරිවෙන්නම සමාජ ජාල වලට අතාරිනවා. අන්න එතනදි තමයි අර සදාචාරය සංස්කෘතිය හරියටම එළියට එන්නෙ.

තමන්ට ලබාගන්න කරගන්න බැරි දෙයක් දැක්කම එන බලු කුහක ගතිය නිසා මෙතනින් එහාට කරන දේවල් කියන්න බැරි තරං කුජීතයි. උන්ගෙ ආතල් එක ඉවසගන්න බැරිකමට කරන සක්කිලි වැඩ ටික නිසා අරුන් දෙන්න නැත්තටම නැතිවෙනවා. උන්ගෙ video එකෙන් ආතලුත් අරං මේ මට්ටමට යන එක අර මං කිව්ව අත්දැකීම් නැති කමත් එක හේතුවක්. මේ සෙල්ලං කරන්න පටන්ගන්නෙ උන්ගෙ ජීවිතත් එක්ක.

ප්‍රේක්ෂකාගාරයෙන් එළියට ඇවිත් මේ කාර්යයට සම්බන්ධ දෙන්නට මේ දේවල් කරන්න හිතෙන එකේ කිසිම අවුලක් නෑ. හැබැයි කරන විදිය හා ගන්න ආරක්ෂක පියවර වල හෙනම loopholes තියෙනවා. දන්නෙම නැති කමට වඩා නොහිතන හිංදා වෙන දෙයක් මේක. ටිකකට හිතුවොත් මේ කරන video වල මූණු පේන්නම ඕනද. ඉන්නෙ තමන්මනං. අනිකා කෙල්ලනං. මොකටද මේ මූණු. මූණු ගන්න කලින් හිතපල්ලා අපි ආතල් එකක් අරන් නවතිනවද අනිත් උන්ටත් ආතල් දීලා අපේ ජීවිතත් එක්කම කෙලෝගන්නවද කියලා. අනිත් දේ තමයි කෙල්ලන්ට තියෙනවා මෙතන ලොකු වගකීමක් මේ වෙන දේවල් පාලනය කරන්න. මොකද කෙල්ලෙක් අකමැති වුනොත් මේ මට්ටමට කොල්ලෙක් යන්නෑ කවදාවත්. (හොරෙන් කැමරා හයි කරලා කෙල්ලට කෙලවන්නම යන එකෙක් ඇර) අනික කෙල්ලගෙ දැඩි අකමැත්ත මත මේක කරන්න ගිහිං මේ ගන්න තියෙන ආතල් එකට කෙලවගන්නත් කොල්ලෙක් කැමති නෑ. ඒ හිංදා මෙතනදි 200% rejection authority එකක් කෙල්ලට තියෙනවා. අන්න ඒක පාවිච්චි කරපල්ලා. නැත්තං ලීක් කරගනිල්ලා.

Thursday, September 12, 2019

බුදුන් දුටිමි...


මෙහෙම වෙන්න බැරිද??????

බුද්ධ දේශනා ගැන ලියවුනු කතා වල තියෙන බුදුන් එකවර දෙතැනක පෙනී සිටීම අද කාලෙ වගේ live broadcasting එකක් වෙන්න බැරිද?

යමාමහ පෙළහර පානවා කියන එක ටිකක් සංකීර්ණ computer graphics වලින් හදපු hologram එකක් වෙන්න බැරිද?

අහසින් වඩිනවා කියන එක invincible flying hoverboard එකකින් එනවා වගේ එකක්වත්ද?

කොසොල් රජතුමාගේ හීන වගේ ඒවා එහෙම්පිටින්ම අද හා ඉදිරි සමාජය ගැන කියවුනු දේවල්..

ඒ හිංදා මේ බුදු රජාණන් වහන්සේ කියන කෙනා අනාගතයෙන් ආපු මනුස්සයෙක් වෙන්න බැරිද?

නිකමට හිතුවොත් මාව අද එකපාරම අවුරුදු 2500ක් එහා පෘතුවියට ගිහින් දානවා. මම මේ දැන් මම දන්න දේවල් එකින් එක කියන්න ගත්තොත් ඒ කාලෙ උන්ට පිස්සු හැදෙයිනෙ. මං මාර පොරක් වෙයි.
මට වැඳලා මාව අදහන්න ගන්නත් පුලුවන්. 
ඒ මේ අස්සෙ ඉඳලා හිටලා දැන් කාලෙ අහපු දැකපු දාර්ශණික ටෝකක් දෙකක් දෙනවා.
තව ටිකක් හිතුවොත් මම මගේ අතේ තියෙන smart phone එකත් එක්කම ඒ කාලෙට ගියානං. මට පුලුවං ඒකට වෙනම විදියක explanation එකක් හදලා ඒකත් මගේ ඇඟේ කෑල්ලක් විදියට eshtablish කරන්න. ඒකට පුලුවන් දේවල් මතක තියාගන්න, සිංදු කියන්න, චිත්‍ර අඳින්න (taking pictures) වගේ තියෙන features සේරමදාලා තව කතා ටිකක් කියලා මගේ details ටිකක් සංකීර්ණ කරන්න. ඒ අස්සෙ handsfree එකත් ගහගෙනම ගියානං මගේ පිලිම හැදෙයි කන දෙපැත්තෙන් පහලට එල්ලෙන අමුතු මොකක්හරි නමකින් හඳුන්වන ගැජට් එකකුත් එක්ක. මං කියන්නෙ මේක ටිකක් අමුතු සංකීර්ණ තත්වයක් වෙයි.

බුද්ධ දර්ශණය පහතට දැමිල්ලක් නෙවෙයි ඒත් මේ අනාගතෙන් ආපු කෑල්ලෙ මොකක්හරි ජිමික්ස් එකක් තියෙන්න බැරිද?

තනි මනුස්සයෙක්ට ඒ තරං capacity එකක් වගේම දැනුමක් එකවර මොකක්හරි දේකින් ලබාගන්න එක කරන්න පුලුවන් වැඩක්ද? ඒකට මොකක්හරි ක්‍රමේකින් පිටින් එකවර ආපු දැනුම් සම්භාරයක් හරි අනාගත අත්දැකීම් හරි මොකක්මහරි මැජික් එකක් වෙන්න ඕන නැද්ද??

ප.ලි. 
නිරාගමිකයා, බුද්ධාගමට අපහස කරන්න එපා, අන්තවාදීයා වගේ කතා කියලා මෙතන වැළලෙන්න හදන්න විතරක් එපා ඕං..