අපිට ඕන දිනන්නටය. පැරදිලා බැරිය. ඒක මහ විලිලැජ්ජ නැති වැඩකි. දෙවනියා වුනොත් නව නිංගිරාවකි. දෙවනියාව කාටවත් මතක නැත. පළවෙනියාව හැමෝටම මතකය. ඒ නිසා මොන කුප්ප වැඩක් හෝ කර එක වීම අපගේ අරමුණයි.
දෙවනියට හඳට ගිය කෙනාව දන්නවද? අපි එක හොඳ යැයි කියාගන්නට අහන පොදු ප්‍රශ්ණයකි. හඳට ගිය හැම කෙනාම පොරක් වුනත් නීල් ආම්ස්ට්‍රෝං හැර අනිත් එවුන්ගෙන් අපට වැඩක් නැත. ඌ මොන මගෝඩියක් කර හඳට ගියාදැයි අපිට වැඩකුත් නැත. ගියාද නැද්ද හරියටම ෂුවරුත් නැත. ඌ හඳට ගිය එකෙන් අපිට වූ සෙතක් නැත. ඒත් අපේ උන්ට හඳ ගැන කියූ විට හඳ මාමාට පසුව මතක්වෙන්නේ ආම්ස්ට්‍රොංවය.
ඡංදයකදීද එසේමය. අපිට ඕන දිනන්නමය. පැරදුනොත් වසලා හමාරය. ඒ නිසා දිනන පැත්තක් බලා ඡන්දය දීම අපගේ සිරිතය. ඇවිත් මොන මඟුලක් කලත් අපිට කමක් නැත. ඡන්දෙ දුන්නු එකා දිනුවාම තියෙන සතුටම ඇතිය.
මම මේ 225න් එකෙකුටවත් ඡන්දය නොදෙන බව අපේ තාත්තාට කිව්වාම එයා කිව්වෙ "අපරාදෙ ඡන්දෙ" කියාය.
හැමදාම එක වීමට අපිව පුරුදු කරන්නේ සමාජය හා ගුරුවර දෙමාපියන්ය. ගමේ එක, ගෙදර එක, පංතියේ එක, ඔෆිස් එකේ එක කියමින් මොන්ටිසෝරියේ සිට එකම වෙන්නට දතකාගෙන යන අප, රටේ එක වෙන අයට ඡන්දයක් දීම යනු පැන්සල් ඉරි දෙකක් එක උඩ එක අඳින නිකම්ම නිකං චිත්‍රයක් පමණි.
No comments:
Post a Comment